
පොදුජන එක්සත් පෙරමුණේ ඇතැම් ප්‍රබලයන් ඊළග ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට නිල නොවන වශයෙන් ප්‍රකාශ කළ ද ඒ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන වියත් මඟ සන්ධානයේ සාමාජිකයන්ට ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සඳහා යම් වාරණයන් එම පක්ෂයේ ප්‍රබලයන් විසින් අනුගමනය කිරීම තවමත් පවතින බව ගොඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.
වියත් මඟ සංවිධානයේ විවිධ ක්ෂේත්‍රවල නියෝජනය කරන වෘත්තිකයන් ගණනාවක් සිටින අතර ඔවුන් ගෝඨාභය රාජපලක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රචාරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටී. ඔවුන් මේ වනවිට පොදුජන පෙරමුණ සමඟද සමබ්න්ධතාව පවත්වාගෙන යන අතර ජනාධිපතිවරණ මැතිවරණ පූර්ව ප්‍රචාරණ ක්‍රමෝපාය සම්බන්ධයෙන්ද සැලසම් සකසා ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමට පොදුජන පෙරමුණේ ප්‍රබලයින් විසින් වළකා ඇත. මේ සම්බන්ධයෙන් බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි කාර්යාලයේදී පැවැති සාකච්ඡා කිහිපයකදීම වියත් මඟ සාමාජිකයන් මඟ හැර ඇති අතර ඔවුන් විසින් දියත් කිරීමට නියමිතව තිබූ ක්‍රියාකාරකම් කිහිපයක්ම වළකා ඇති එම ආරංචි මාර්ග සිළුමිණට ප්‍රකාශ කලේය.
කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ මහතා වියත් මඟ සාමාජිකයන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බාධක මේ වනවිට ඉවත්ව ඇති බවය.