පොත්පත් කියවන දරුවන්ට චීන සංචාර | Page 3 | සිළුමිණ

පොත්පත් කියවන දරුවන්ට චීන සංචාර

පාසල් දරුවන් අතර කියවීමේ පුරුද්ද ඇති කිරීමට වැඩියෙන්ම කියවන දරුවන් 100 දෙනකු තෝරා ඔවුන්ට චීනයට අධ්‍යාපන චාරිකාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

වැඩියෙන්ම පොත් කියවන දරුවන් දහසක් හදුනා ගෙන ඇති බවත් එයින් 100 දෙනෙකුට මේ අවස්ථාව ලබා දෙන බවද ඇමැතිවරයා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ට පොත් පත් කියවීමේ පුරුද්ද ඇති කිරීමට ‘කළන මිතුරු පොත් සුමිතුරු ‘ වැඩසටහන ආරම්භ කර ඇති අතර පාසල් වලට පොත් මිලදි ගැනීම සඳහා රුපියල් මිලියන 700 ක්ද ලබා දී ඇත.

Comments