
ඉදිරි දින කීපය තුළ රටේ දිස්ත්‍රික්ක කිහිපයකම උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 3 – 4 ප්‍රමාණයකින් ඉහළ යාමට හැකි බවත් මේ තත්ත්වය පසුගිය වසරවල ජූලි මාසය මුලදී සිදු නොවූ කාලගුණ වෙනසක් බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
පසුගිය 5 වැනිදා බදුල්ල හා කටුගස්තොට යන ප්‍රදේශවල උෂ්ණත්වය තිබිය යුතු උෂ්ණත්වයට වඩා සෙ.අ. 4 කින් ඉහළ ගොස් තිබූ අතර යාපනය, කුරුණෑගල, රත්මලාන, රත්නපුර, වවුනියාව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල උෂ්ණත්වය සෙ. අ. 3 කින් ඉහළ ගොස් තිබූ බව ද අතුල මහතා පවසයි.
ජූලි 5 වැනිදා උපරිම උෂ්ණත්වය සෙ.අ. 37.6 ක් ලෙස පොලොන්නරුවෙන් වාර්තාවී තිබුණි. මේ අනුව ඉදිරි දිනවල උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන අපහසුතාවලින් මිදීමට වැඩිපුර ජලය පානය කිරීම සුදුසු බව වෛද්‍යවරු පෙන්වා දෙති.