පලාලි ගුවන් තොට අන්තර්ජාතික වෙයි | Page 2 | සිළුමිණ

පලාලි ගුවන් තොට අන්තර්ජාතික වෙයි

පලාලි ගුවන් තොටුපළ ඉදිරියේදී අන්තර්ජාතික ගුවන්තොටක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, එය ඉදිරියේදී සිවිල් ගුවන් තොටුපළක් වශයෙන් පවත්වා ගෙන යන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවැසූයේ පසුගියදා සිවිල් ගුවන්සේවා පනත යටතේ නියෝග විවාදය ආරම්භ කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ පලාලි ගුවන්තොටුපොළේ නවීකරණ කටයුතු සිවිල් ගුවන් සේවා අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සහය ඇතිව ලබන මස 5 දින ආරම්භ වන බවත්, ඒ අනුව මාස 2-3ක් ඇතුළත සංවර්ධන කටයුතු නිම කරන බවත්ය.

Comments