දුම්රිය වර්ජකයන්ට විනය ක්‍රියාමාර්ග! | Page 2 | සිළුමිණ

දුම්රිය වර්ජකයන්ට විනය ක්‍රියාමාර්ග!

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කර තිබෙන හෙයින් ඉදිරියේදී යම් වර්ජනයක් ඇරැඹුවහොත් අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඩපණ කිරීම යටතේ ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කීය.

මේ වන විටත් අදාළ වෘත්තීය සමිති නායකයින්ට අත්‍යවශ්‍ය සේවාවන් වර්ජනය කිරීම සම්බන්ධව ලියාපදිංචි තැපෑලෙන් දැන්වීමට කටයුතු කර ඇතැයිද එම නිලධාරියා කීය.

අත්‍යවශ්‍ය මහජන සේවා අඩපණ කිරීම යටතේ වරදකරුවකු වුවහොත් සිර දඩුවම් පවා නියම කිරීමට හැකි වන බවද එම නිලධාරියා කීවේය.

Comments