ණය පොලී අනුපාත ළඟදීම අඩු වන හැඩ | Page 3 | සිළුමිණ

ණය පොලී අනුපාත ළඟදීම අඩු වන හැඩ

බැංකු ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා ණය පොලී අනුපාත පහත දැමීමට ඉදිරියේදී මෙරට බැංකු පද්ධතිය පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරයි.

මෙරට ක්‍රියාත්මක වාණිජ බැංකුවලට වැඩි වැඩියෙන් ණය දීම් සිදු කිරීමට ඉඩ කඩ සලසා දෙමින් ණය පොලී අනුපාත අඩු කිරීමට හැකි වන පරිදි මහ බැංකුව ගත් ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් ජනතාවට වාසි සැලසෙන බව මහ බැංකුව කියයි.

ජනතාවගේ මුදල් තැන්පතු ලෙස ලබාගැනීමේදී පොලී අනුපාත අඩු කිරීමට මහ බැංකුව ගත් තීන්දුව හේතු විය. එපරිද්දෙන්ම ණය පොලී අනුපාතද අඩු කිරීමට මහ බැංකුව ක්‍රියා කරනු ඇත.

 

Comments