යුධ සමයේ අත් බෝම්බ කිහිපයක් යාපනයෙන් හමුවේ | Page 13 | සිළුමිණ

යුධ සමයේ අත් බෝම්බ කිහිපයක් යාපනයෙන් හමුවේ

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාපනයේ කොළොම්පුතුරෙයි ප්‍රදේශයේ පිරිසක් පැරණි වැසිකිළි වළක් පිරිසිදු කරමින් සිටියදී එම වළ තුළ තිබී ප්ලාස්ටික් බාල්දියක දමා සගවා තිබූ අත් බෝම්බ හතක් 30 දා සවස හමුවී තිබේ.

මේ පිළිබදව යාපනය පොලීසියට දැණුම් දීමේන් පසුව පොලීසිය පැමිණ බෝම්බ ඔවුන් බාරයට ගෙන තිබේ.

යාපනය පොලීසිය පැවසුවේ යුද සමයේදී එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් මෙම බෝම්බ හත ප්ලාස්ටික් බාල්දියක දමා ඉතා සුරක්ෂිතව මේ වැසිකිළි වළ තුළ සගවන්නට ඇති බවට විශ්වාස කරන බවයි.

යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන එම අත් බෝම්බ හත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලවා නිෂ්ක්‍රීය කිරීමට කටයුතු යොදා තිබේ.

Comments