
මොරටුව, කටුබැද්ද දේවාලය පාර, ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ අද(17) උදෑසන ගින්නක් ඇතිව තිබේ.මෙය විදුලි කාන්දුවකින් ඇති වූ ගින්නක් බවට දැනට සිදු කර ඇති විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.ගිනි නිවන රථ ද ගෙන්වාගෙන ගින්න නිවීමට කටයුතු කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මොරටුව පොලිසිය සිදු කරනු ලැබේ.