‘ෆොනී’ ඉවතට ගියත් වැසි-අකුණු-සුළං | Page 2 | සිළුමිණ

‘ෆොනී’ ඉවතට ගියත් වැසි-අකුණු-සුළං

‘ෆොනී’ සුළි කුණාටුව රටින් ඉවතට ගියත්, අද (5) සහ හෙට (6) සවස් කාලයේද රටේ ප්‍රදේශ ගණනාවකට වැසි, අකුණු සමඟ සුළං ඇති වන බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

ඒ අනුව විශේෂයෙන් උතුරුමැද, උතුරු හා නැඟෙනහිර පළාත්වලට මිමී 75 කට අධික වැස්සක් හා පැයට කිමී 40–50 අතර සුළං ඇති විය හැකි බවත්, මන්නාරමේ සිට පොතුවිල් දක්වා මුහුදු තීරයේ මුහුදු රළ මීටර් 2.5 දක්වා ඉහළ නැඟීමට ඉඩ ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

 

Comments