ජපානයේ රැකියා සදහා යවන බව පවසමින් මුදල් වංචා කල කතක් අත්අඩංගුවට | Page 2 | සිළුමිණ

ජපානයේ රැකියා සදහා යවන බව පවසමින් මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

  සබරගමුව සමුහ- ගාමිණි රම්‍යපාල 
 ජපානයේ රැකියා සදහා යවන බව පවසමින් මුදල් රැගෙන වංචා කර සැගවසිටි කාන්තාවක් විදේශ ගමන් බලපත්‍ර 79 ක් හා ජාත්‍යාංතර රියදුරු බලපත්‍ර පහක් සමග කෑගල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.   කැගල්ල  මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඇහැලියගොඩ ප්‍රදේශයේ සැගව සිටියදී පසුගිය 30 දා සවස අත් අඩංගුවට ගත් ඇය දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිව කාරියක් බවද පැවසේ.

මෙම සැකකාර කාන්තාව ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරිමි හා කාන්තාවන්ගෙන් ලක්ෂ පහේ සිට දහය දක්වා මුදල් රැගෙන ඔවුන් රවටා ඇති බවට පොලිසියට පැමිනිලි රාශියක්ද ලැබි තිබු බව කෑගල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රනීත් මානවඩු මහතා පැවසීය.

මේම කාන්තාව විවිධ ප්‍රදේශවල කුලී පදනම මත ලබාගන්නා නිවසවල පදිංචිව සිට එම ප්‍රදේශයේ සිටින විවිධ වයස් කාණ්ඩවල තරුණ තරුණියන් රවටා විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබා ගෙන ටික දිනකින්  කාටත් නොදැනීම එම ප්‍රදේශයෙන් පලායාම සිදුකළ  බවද පොලිසිය කියයි.
	
මේ අතර කැගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව කැගල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රනීත් මානවඩු මහතා ගේ අධීෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මුදිත බන්ඩාර, උප පොලිස් පරික්ෂක ජයන්ත බන්ඩාර, පොලිස් සැරයන්වරුන් වන 16241දයානන්ද, 58222  වැදිසිංහ,කා. පො. සැ. 1216 වජිරා, පො. කො.18745 වසන්ත, 91044 හර්ෂණ. මහත්ම මහත්මින් දින ගණනාවක් සිදු කළ පරික්ෂණයකින් පසුව මෙම කාන්තාව අත් අඩංගුවට ගැනීමට හැකිවු බවද පැවසේ.සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව කෑගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
 

Comments