ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් සහ අධ්‍යාපනඥයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිසමේ ආරාධනය මත 2019 මැයි 02 සිට 09 දක්වා පකිස්ථනයේ සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම නියෝජිත පිරිස ශ්‍රි ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා පකිස්ථාන මහ කොමසාරිස් කාරියාල පරිශ්‍රයේ දී බැහැදුටුවේය.
එම දුත පිරිස අමතමින් පකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙසේ අදහාස් දැක්වුවේය. පකිස්ථානයේ එහි සංස්කෘතිය, භූ දර්ශන හා ජනයා මෙන්ම කීර්තිමත් අධ්‍යාපනික ආයතනවල අත්දැකීම් ඇතුළු විශාල සේවාවන් ජාත්‍යන්තර ශිෂ්‍යයින් සදහා ලබා දීමට කැපවීමෙන් කටයුතු කරයි. තවදුරටත් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වඩා හොඳ අධ්‍යාපනික අවස්ථාවන් ලබා දීමට පකිස්ථානයේ කැපවීමැන් කටයුතු කර ඇත.
මෙවැනි සංචාරය මගින් දෙරට අතර සහයෝගිතාව සහ වඩාත් ගැඹුරු අධ්‍යයන හා පර්යේෂණ සහයෝගීතාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
පකිස්ථාන ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගිතා වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික සිසුන් සදහා වෛද්‍ය සිසුන්, ඉංජිනේරු,තොරතුරු තාක්ෂණ සහ සමාජ හා කළමනාකරණ විද්‍යාව යන ක්ෂේත්‍රයේ ලබා දීමට ශිෂ්‍යතව 1000 ක් පිළිබඳව මෙහිදී මහා කොමසාරිස් තුමා අදහාස් ප්‍රකාශ කලේය.