
පාස්කු ඉරිදා සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා, ‘ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය‘ (අයිඑස්අයිඑස්) සිය බෝම්බ තැනීම සඳහා යොදාගන්නා ‘සාතන්ගේ මව‘ ලෙස හැඳින්වෙන TATP (Tri-Acetone Tri-Peroxide) යන රසායනික විශේෂය භාවිත කර ඇති බවට විශ්වාස කෙරෙයි. ඒ බව සනාථ කරගැනීමට මියගිය බෝම්බකරුවන්ගේ සිරුරු කොටස් අදාළ රස පරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට අධිකරණ අවසරය ලබා ගෙන ඇත.
යම් හෙයකින් මේ සැකය සත්‍යයක් නම්, ලංකාව තුළ මේ පුපුරන ද්‍රව්‍ය භාවිත කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. 2011 වසරේ සිට ලොව විවිධ ත්‍රස්ත ප්‍රහාර සඳහා මේ TATP භාවිතා කර ඇති අතර මෙය ජීව පෙරොක්සයිඩ් සහිත විශාල පිපිරීම් සහිත ද්‍රව්‍යයකි.