
විසිතුන් වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කම දිනා දීමට තුන්පිම්ම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමි විදූෂා ලක්ෂානී සමත් වූවාය.
මීටර් 13.53 ක දක්ෂතාවක් දක්වමින් විදූෂා ලෝකඩ පදක්කම දිනා ගත්තේ දකුණු ආසියානු පදක්කමකට පසුව දිනා ගත් පළමු ජාත්‍යන්තර පදක්කම ලෙසය. ආසියානු ශූරතාවලියට සහභාගී වීම සඳහා මීටර් 13.60 ක පරිසාධන මට්ටමක් පසුකිරීමට අවශ්‍ය වුවද, ඇය මීටර් 13.28 ක උපරිම දක්ෂතාවක් දක්වා සුදුසුකම් ලැබීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූව ද විදූෂා මානසිකව ශක්තිමත්වෙමින් මෙම ජයග්‍රහණය වාර්තා කළාය.
ඇය තරගාවලියට පෙර ද අප සමග අදහස් දක්වමින් කියා සිටියේ උපරිම දක්ෂතාවට ළඟා වුවහොත් පදක්කමක් හිමිවනු ඇත යනුවෙනි. කලු පටියක් පැළඳ තරගයට සහභාගීවූ විදූෂා තරගයෙන් අනතුරුව හැඟුම්බර වෙමින් මෙසේ ප්‍රකාශ කළාය.
පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා රටේ උද්ගතව ඇති තත්ත්වය ගැනද අදහස් ප්‍රකාශ කළාය. මගේ පදක්කම අපේ රටේ විපතට පත් සැමට සතුටක් ළඟා කර දේවි ජාති බේද අත ඇරල එකා වගේ එකට නැගී සිටිමු යන්නයි.
2017 වසරේ මෙකී ශූරතාවලියේ අවසනාවන්ත ලෙස ලෝකඩ පදක්කම අහිමිවූ විදූෂා ලක්ෂානී, ඉන් නොනැවතී මෙම ජයග්‍රහණය හිමි කරගැනීම විශේෂතවයකි. ශ්‍රී ලංකාව මේ ශූරතාවලියේ දී 17 වැනි ස්ථානයට පත්විය. ප්‍රථම ස්ථානය බහරේනයට හිමි විය.










