
1896 දී ඇමෙරිකාවේදී උපන් වොලිබෝලය වසරින් වසර විවිධ රටවලට සංක්‍රමණය වෙමින් 1916 දී ලංකාවට ආගමනය විය. ඒ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ එවකට ශාරිරික අධ්‍යාපන අධ්යක්ෂවරයාව සිටි ඇමෙරිකානු ජාතික වෝල්ටර් ජේ. කැමක් මහතාගේ මගපෙන්වීම අනුවය. ක්‍රිඩා සමාජ පිහිටුවා විවිධ තරගමලා ඇරැඹීමත්, ඒ සඳහා ක්‍රිඩක සහභාගීත්වයත් නොඅඩුව ලැබීමත් නිසා ඉක්මනින්ම ජනප්‍රියත්වයට පත් වූ වොලිබෝලයට නිල පිලිගැනීම ලැබෙනුයේ 1951 සැප්තැම්බර් මස 04 වන දින ලංකා වොලිබෝල් සම්මේලනය පිහිටුවීමත් සමගමය. එදා සිට ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ සොඳුරු මතක සටහන් ගැන ලියැවෙන ලිපියේ 10වන කොටසයි මේ.
ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ විශේෂ අනන්‍යතාවක් හිමිකරගත් ඓතිහාසික කාන්තා කණ්ඩායම සඳහා නන්දා ගනේගොඩ සහ විජිතා පෙරේරා (කොළොන්නාව සෙන්ට්‍රල්), යසවතී අලහකෝන් (කොළඹ නගර සභාව ), සොෆායා ධර්මසේන (මිනුවන්ගොඩ ම.වි), ඉන්ද්‍රානි වෙත්තසිංහ සහ චන්ද්‍රා පෙරේරා (මහරගම විද්‍යාකර ම.වි), චිත්‍රානි පෙරේරා (නුගේගොඩ අනුලා විද්‍යාලය ), මාලනී පෙරේරා (පොතුපිටිය ම.වි.), ලතා ලියනගේ (උප නායිකා පොලිසිය ), ඇලෝමා විජේසිංහ සහ ඉන්ද්‍රා ද සිල්වා (කෝට්ටේ ශාන්ත තෝමස්) ඇතුළත් වු ක්‍රීඩිකාවෝ වූහ.
1953.04.27 වන දින උපන් 17 වියැති පාසල් සිසුවියක වු ඉන්ද්‍රානි වෙත්තසිංහ මෙම කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව වූවාය. ඩී.සි. අලහේන්ද්‍ර පුහුණූකරු වශයෙන්ද 1959 ලංකා ජාතික කණ්ඩයමේ අසෝකා විජේතුංග කාන්තා කණ්ඩායම භාර නිලධාරිනිය වශයෙන්ද ඩබ්.පරණගම විනිශ්චයකරු වශයෙන්ද මෙම සංචාරයට එක් වූහ. චෙකොස්ලොවේකියානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වු ලෙන්කා ඩියුබන් සහ අයිරින් ඩියුබන් මෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයේ ආචාර්ය අග්රාස් ට්රෙසෝඩර් ද සහ චෙකොස්ලොවේකියානු තානාපති කාර්යාලයේ ආචාර්ය වී. කැපෙක් යන මහතුන් මෙන්ම ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ ඩී.සී. අලහේන්ද්‍ර මයාද කාන්තා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා විශාල කැපවීමකින් කටයුතු කළ බව දශක 05කට පසුව වුවද ඔවුන්ව ඉතාමත් ගෞරවයෙන් යුතුව තම කණ්ඩායම් සගයින් සමඟ සිහිපත් කරන බව කණ්ඩායම් නායිකා නන්දා ගණේගොඩ ලියුම්කරු සමඟ පැවසුවාය.
ඉන්දු ලංකා ටෙස්ට් තරගමාලාව අවසානයේ දී ඉන්දීය වොලිබෝල් සභාපති බී. තිරුපති මයා විසින් දිනමිණ ශුරතා පලිහ ලංකා කාන්තා කාණ්ඩායමේ නායිකා නන්දා ගනේගොඩ වෙතද නාග්පුර් නගරාධිපති විසින් ඉන්දියානු කණ්ඩායමේ නායක ඔලිවන්ට් සිංට ඩේලි නිව්ස් පලිහද ප්රදානය කරන්නට යෙදුණි.
ජපන් ජාතික පිරිමි කණ්ඩායමේ ලංකා සංචාරය
1958 - 1962 සහ 1966 වර්ෂවල දී ආසියානු ක්‍රිඩා උලෙළේ වොලිබෝල් පිරිමි රන් පදක්කම දිනා සිටි 1970 බල්ගේරියාවේ සොෆියා නුවර පැවැති ලෝක ශුරතා වොලිබෝල් තරගමාලාවේ ලෝකඩ පදක්කම හිමි කරගත් ජපාන ජාතික කණ්ඩායමේ ලංකා සංචාරය 1970 ඔක්තෝබර් මස 8 සහ 9 දිනවල දී සිදු විය. මේ ජපාන කණ්ඩයමේ ලංකා සංචාරය ලාංකේය වොලිබෝල් ක්‍රිඩාවේ තාක්ෂණික ප්රගමනයට විශේෂ හේතුවක් වු අතර ලංකා ක්‍රීඩකයින්ට ප්‍රථම වරට අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයින් සමඟ තරග වැද අත්දැකිම් රාශියක් ලබා ගැනිමටද හැකි විය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින්ටද අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකර ගෙන තිබු වොලිබෝල් කණ්ඩායමක දක්ෂතා දැක ගැනිමට හැකි වීමද එම සංචාරය නිසා ලංකා වොලිබෝල් ක්‍රිඩාවට ලැබුණු විශේෂීත ප්රතිලාභ වේ. ලංකාවට මෙතෙක් නොතිබු ගෘහස්ථ ක්‍රිඩාගාරයක් හිමි වීමද එම සංචාරය නිසා ලාංකේය ක්‍රීඩා ක්ෂේත්රයට ලැබුණු මහඟු දායාදයකි. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණය ඉදි වුයේද ජපාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නිසාය. ජපාන ජාතික කණ්ඩායම සමග තරග වැදුණු ලංකා ජාතික පිරිමි කණ්ඩායමට ජෝර්ජ් ප්‍රනාන්දු ( නායක / මීගමුව නවක තරු), එල්.පී.පෙරේරා, එම්.ටී.බී.ප්‍රනාන්දු සහ ඊ.එන්. කරුණාරත්න ( යුද හමුදාව), ග්‍රේවින් ෆොන්සේකා (වාද්දුව ශාන්ත මරියා), ටී.හේමපාල සහ ජේ.ඒ.ඩබ්. ජයසුරිය (ලංකා පොලිසිය), ෆ්රෑන්ක් ගෝමස් (තුඩැල්ල) අයි.විජේසිංහ ( කොළොන්නාව), ඩී.සී. අබේවර්ධන (ගම්පහ) සහ වී.පී.ගුණතිලක (ගුවන් හමුදාව ) යන ක්‍රීඩකයෝ අයත් වූහ. ඩග්ලස් අලහකෝන් ලංකා කණ්ඩායමේ පුහුණූකරු විය. මෙම ශ්‍රී ලංකා ජපාන තරගමලාව යටතේ පැවැති තරග දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.
ලබන සතිෙය් තවත් ෙකාටසක්...










