
ඛේටය පරීක්ෂා කිරීමෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හඳුනාගත හැකි අධිතාක්ෂණික උපකරණ මෙරටට ගෙන ඒමට නියමිතව ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සිළුමිණට හෙළි කළේය.
ඊට සමගාමිව මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හඳුනාගැනීමට පොලීසියට බලය පැවරෙන සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හඳුනාගන්නා අයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති කෙටුම්පත් මේ වන විටත් සකස් කෙරෙමින් ඇතැයිද ඔහු සඳහන් කළේය. බීමත් රියැදුරන් හඳුනාගන්නේ ශ්වසන පරීක්ෂාවක් ඔස්සේ වුවත් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අය හඳුනාගන්නේ ඛේටය මඟින් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය. මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි සැකයට භාජනය වන පුද්ගලයකුගේ ඛේටය මේ උපකරණයට ඇතුළු කළ විට ඔහු භාවිත කර ඇති මත්ද්‍රව්‍ය වර්ගය මෙන්ම භාවිත කර ඇති ප්‍රමාණය පිළිබඳ දත්ත එමඟින් ලබාගැනීමේ හැකියාව පවතී.