
1896 දී ඇමෙරිකාවේදී උපන් වොලිබෝලය වසරින් වසර විවිධ රටවලට සංක්‍රමණය වෙමින් 1916 දී ලංකාවට ආගමනය විය. ඒ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ එවකට ශාරිරික අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාව සිටි ඇමෙරිකානු ජාතික වෝල්ටර් ජේ. කැමක් මහතාගේ මගපෙන්වීම අනුවය. ක්‍රිඩා සමාජ පිහිටුවා විවිධ තරගමලා ඇරැඹීමත්, ඒ සඳහා ක්‍රිඩක සහභාගීත්වයත් නොඅඩුව ලැබීමත් නිසා ඉක්මනින්ම ජනප්‍රියත්වයට පත් වූ වොලිබෝලයට නිල පිලිගැනීම ලැබෙනුයේ 1951 සැප්තැම්බර් මස 04 වන දින ලංකා වොලිබෝල් සම්මේලනය පිහිටුවීමත් සමගමය.
එදා සිට ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ සොඳුරු මතක සටහන් ගැන ලියැවෙන ලිපියේ 9වන කොටසයි මේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන ලද ජ්‍යෙෂ්ඨ පාසල් පිරිමි වොලිබෝල් ශුරතාව 1970 වර්ෂයේ දී හොරණ මහා විදුහලත් 1971 සහ 73 වර්ෂවල දී ගම්පහ බණ්ඩාරනායක විදුහලත් හා 1972 දී පොතුපිටිය මහා විදුහලත් 1976 දී කටාන රද්දොළුව මහා විදුහලත් 1977 දී කදාන ද මැසනඞ් විදුහලත් 1978 සහ 79 වර්ෂවල දී කදානේගෙදර මහා විදුහලත් මෙම පාසල් ශුරතාව හිමිකර ගන්නා ලදි.
70 දශකයේ විදේශ සංචාරයන්
1970 මාර්තු මස 05 වන දින සිට 20 වෙනි දින දක්වා ඉන්දියාවේ දී පැවැති ඉන්දු ලංකා ටෙස්ට් වොලිබෝල් තරගමාලාවෙන් 70 දශකයේ විදේශ සංචාරයන් ආරම්භ වේ. දිනමිණ ශුරතා පළිහ සඳහා ඉන්දු ලංකා කාන්තා තරගමාලාවත් ඩේලි නිව්ස් ශුරතා පළිහ සඳහා පිරිමි තරගමාලාවත් දෙරටේ වොලිබෝල් සම්මේලනයන් හී සංවිධානයෙන් පැවැත්විනි. ඉන්දියාවේ ප්‍රධාන නගර 05ක් කේන්ද්‍ර කර ගනිමින් සමස්ත ඉන්දියාවම ආවරණය වන පරිදි පැවැති මෙම ඉන්දු ලංකා ටෙස්ට් වොලිබෝල් තරග මාලාව ලංකා වොලිබෝල් ඉතිහාසයේ එක් විශේෂ කඩඉමක් වශයෙන් සැලකේ. මෙම සංචාරයේ දී පිරිමි කණ්ඩායම සහභාගී වු ටෙස්ට් තරග 05ම පරාජය වු අතර කාන්තා කණ්ඩායම තරග 05න් 04ක් ජයග්‍රහණය කරමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.
ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය ජෝර්ජ් ප්‍රනාන්දු (මිගමුවේ නවක තරු) විසින් ද කාන්තා කණ්ඩායමේ නායකත්වය නන්දා ගනේගොඩ (කොළොන්නාවේ සෙන්ට්‍රල්) විසින් ද දරන ලදි. පිරිමි කණ්ඩායම සඳහා ජෝර්ජ් ප්‍රනාන්දු සහ ජෝ ජයවර්ධන (මීගමුව නවක තරු) ග්‍රේවීන් ෆොන්සේකා (වාද්දුව ශාන්ත මරියා), ජේ.ඒ.ඩබ්.ජයසුරිය (පොලිසිය), පී.ආර්.විජේරත්න, ඊ.එන්.කරුණාරත්න සහ එල්.පී.පෙරේරා (යුද හමුදාව) ඩබ්.එල්. සිරිවර්ධන, ඩි.සී.අබේවර්ධන සහ සිරිල් ජයසිංහ (ගම්පහ), ෆ්‍රැන්ක් ගෝමස් (තුඩැල්ල), අයි.විජේසිංහ (කොලොන්නාව) යන ක්‍රීඩකයින් ඇතුළත් විය. මේජර් ඒ.ඩබ්.පෙරේරා කළමණාකරු වශයෙන්ද ඩග්ලස් අලහකෝන් මයා පුහුණූකරු වශයෙන්ද ජී.කේ. අරුමුගම් මයා කණ්ඩායම් ප්‍රධානි වශයෙන්ද මෙම සංචාරයට එක් විය.
ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ විශිෂ්ටතම කාන්තා කණ්ඩායම
1970 වර්ෂයේ දී ඉන්දියාවේ පැවැති ඉන්දු ලංකා ටෙස්ට් තරග මාලාවේ තරග 05න් 04ක් ඉන්දියාවේදීම ජයගත් නන්දා ගනේගොඩ නායකත්වය දැරූ ලංකා කාන්තා කණ්ඩායම ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ මෙතෙක් බිහි වු හොඳම කාන්තා කාණ්ඩායම බවට දැනට ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වොලිබෝල් පාරිපාලකයා වු විල්සන් පරණගම මයා විසින් ලියුම්කරු සමඟ හදුන්වා දෙන්නට යෙදුනි. ලංකා වොලිබෝල් ඉතිහාසයේ විදේශිය සංචාරයකට සහභාගී වු ප්‍රථම කාන්තා කණ්ඩායම මෙය වීමත් මෙන්ම 1959 වර්ෂයේ දි ලංකාවේ දී පැවැති ඉන්දු ලංකා ද්විත්ව තරග මාලාවෙන් පසු කිසිදු අන්දමේ අන්තර්ජාතික අත්දැකිමකින් තොරව එවකට 1952 ලෝක ශුරතා වොලිබෝල් තරගමාලාවේ 07 වන ස්ථානය සමගින් ආසියානු කලාපයේ සිටි ප්‍රබලතම කාන්තා කණ්ඩායමක් වු ඉන්දියාව එරටේදීම පරාජය කිරිමට නන්දා ගනේගොඩ නායකත්වය ලබා දුන් ලංකා කාන්තා කණ්ඩායම සමත් වීම අති විශිෂ්ට දක්ෂතාවයක් බව පරණගම මයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි. මෙම සංචාරයට පෙර මාස 03කට අධික කාලයක් ලැබු පුහුණූවද මෙම ජයග්‍රහණ සඳහා බලපෑ බවත් කණ්ඩායම සියලුම ක්‍රීඩිකාවන්ගේ කැප වීම හා උනන්දුව නිසා ප්‍රථම වරට අන්තර්ජාතික ජයග්‍රහණයක් තම මවු බිමට ගෙන ඒමට තමන් ඇතුළු කණ්ඩායමට හැකි වු බවත් මෙම ඓතිහාසික ලංකා කාන්තා කණ්ඩයමේ නායිකා නන්දා ගනේගොඩ ලියුම්කරු සමඟ පැවසුවාය. එසේම විජිතා පෙරේරා පන්දු එසවීමේ දී දැක් වු දක්ෂතාවයන් නිසාත් අනිකුත් ක්‍රීඩිකාවන්ගේ කැපවීමත් මෙම ජයග්‍රහණය සඳහා බල පෑ තවත් ප්‍රධානතම හේතුවක් බව ද නන්දා වැඩි දුරටත් පැවසුවාය.










