ශ්‍රී ලාංකිකයින් නිපද වූ රාවණා 1 අභ්‍යවකාශයට | Page 3 | සිළුමිණ

ශ්‍රී ලාංකිකයින් නිපද වූ රාවණා 1 අභ්‍යවකාශයට

 ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු රාවණ -01 චන්ද්‍රිකාව අද(18)අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා අභ්‍යවකාශ ගත කිරීම ආරම්භ විය.
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිදු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ රාවණ – වන් චන්ද්‍රිකාව නිර්මාණය කර තිබේ.
 
එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency – JAXA) වෙත භාර දුන්නේය.
 
එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී අද(18) අලුයම 02.16ට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදුවූ බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ජාතික අභ්‍යාවකාශ වැඩසටහන යටතේ පුහුණු ව්‍යාපෘති ද ආරම්භ කර ඇති බව චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළේය.
 
රාවණා 1 යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.
 

Comments