
මාතර සිට කතරගම දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා පළමුවන අදියරේ දුම්රිය ධාවනය හෙට (08) සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව හෙට පෙරවරු 9.00ට පළමු දුම්රිය මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් අරඹනු ඇත. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු මැති-ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙනි.
කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ග කොටස සඳහා වැය කළ මුදල ඇ.ඩො. මිලියන 278.2කි. චීන එක්සිම් බැංකුව (China Excem Bank) මේ සඳහා මූල්‍ය දායකත්වය සපයන ලදි. පැයට කි.මී. 120ක අධිවේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි මේ මාර්ගයේ නව දුම්රිය වාර්තා 3ක් බිහි කර ඇත. ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය උමඟ, දිගම පාලම හා උසම පාලම යන වාර්තා තුනම මේ පළමුවන අදියරේදී බිහි කර ඇත. බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය කිරීම ආරම්භ වීමෙන් පසුව මහනුවර/ මාතර/ මහනුවර දුම්රියයන් දෙක හා කොළඹ/ මාතර/ කොළඹ දුම්රිය දෙකක් හැර මාතර දක්වා ධාවනය කළ සෙසු සියලු දුම්රියයන් බෙලිඅත්ත දක්වා දීර්ඝ කර ඇත.