ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල කළු සල්ලි - ඇමැති මංගලගෙන් රතු එළියක් | Page 4 | සිළුමිණ

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල කළු සල්ලි - ඇමැති මංගලගෙන් රතු එළියක්

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මෙරට ජනතාව ණය උගුලකට දැමීම සඳහා පසුගිය රජය සමයේ අයථා අන්දමින් උපයාගත් කළු සල්ලි භාවිත කර ඇති බවත්, ඔවුන් පිළිබඳ ළඟදීම සියලු තොරතුරු පාර්ලිමේන්තුව හමුවේ හෙළි කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පසුගිය සිකුරාදා (05) අය-වැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට රජය විසින් ගෙන ඇති බවයි.

ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, එමඟින් ණය ගන්නා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන සමාගම් විශාල වශයෙන් රට තුළ ව්‍යාප්ත වූ පසුගිය රජය සමයේ අයථා අන්දමින් ඉපැයූ කළු සල්ලි පවතින බවත්, විශේෂයෙන් සුනාමි විපතින් පසු මෙරටට පැමිණි ආධාර මඟින් පිහිටුවාගත් ජාතික සංවර්ධන භාර අරමුදල මඟින් මුලින්ම වැඩි පොලියට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීම ආරම්භ කළ බවත් මේ වන විට එ් අරමුදලට සිදු වූ දෙයක් කවුරුත් නොදන්නා බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

Comments