ඊසි කෑෂ් ක්‍රමයට කළ හෙරොයින් ජාවාරමක්. | Page 2 | සිළුමිණ

ඊසි කෑෂ් ක්‍රමයට කළ හෙරොයින් ජාවාරමක්.

හොරණ පොලිස් වසමට අයත් ගල්ඒදඩුගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඊසි කෑෂ් ක්‍රමයට මුදල් බැරකිරීම හරහා මෙම හෙරොයින් ජාවාරම පවත්වා ගෙන ගිය බවට පොලීසිය සඳහන් කළේය.අත්අඩංගුවට ගත් සැකකරු සමඟ තවත් සැකකරුවන් හත්දෙනෙකු පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය.එහිදී රුපියල් ලක්ශ 5ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 32ක් අත් අඩංගුවට ගෙන ඇත.ප්‍රධාන සැකකරු රත්නපුර ප්‍රදේශයේදී මීට පෙර හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇති අතර,රන් මාල කොල්ලකෑමක් සම්බන්ධව අධිකරණයේ නඩුවක්ද ඔහු පිළිබඳව විභාග වෙමින් පවතින බව වාර්තා වෙයි.සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට අද(03) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments