
නීති විරෝධී අන්දමින් ප්‍රංශය බලා පිටත්වීමට පුත්තලම නගරයේ රැඳී සිටී කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකොළොස් දෙනෙකු පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා බන්ධනාගාර නිළධාරින්ට ( 1 ) දින නියෝග කළේය.මෙසේ බන්ධනාගාර ගත කලේ යාපනය , කිලිනොච්චි , හා මුලතිව් පදිංචි වයස අවුරුදු 12ක දැරියක් අවුරුදු 10 ක පිරිමි දරුවකු එම දරුවන්ගේ මව හා වයස අවුරුදු 26 සිට 40 දක්වා සිමාවන් පසුවු තවත් සැකකරුවන් පිරිසකි.අදාල සැකකරුවන් යාපනය සිට පැමින මුන්දලම උඩප්පුවට ගොස් උඩප්පුවේ සිට මුහුදු මාර්ගයෙන් ට්‍රෝලර් යාත්‍රාවකින් නීති විරෝධි ලෙස ප්‍රංශයයට යාමේ අරමුනින් පුත්තලම නගරයේ රැදි සිටින බවට පුත්තලම පොලිසියට ලැබුන තොරතුරක් මත ඊයේ(1) දින අළුයම අත් අඩංගුවට ගෙන තිබේ.අත් අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් ආගමන විගමන පනතේ 45/1 වගන්තියේ (අ) යන්න යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව තමන්ට මේ සදහා ඇප ලබා දීමට බලයක් නොමැති බව දන්වමින් මහෙස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් වන තුරු සැකකරුවන් බන්ධනාගාර ගත කිරිමට නියෝග කරඇත.පුත්තලම කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහතා පුර්ණ අධික්ෂණය යටතේ සැකකරුවන් සම්බන්ධ පරික්ෂණ ආරම්භ කිරීමට පුත්තල මූලස්ථාන පොලිසිය කටයුතු කර තිබේ.