අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීම් අද සහ හෙට | Page 2 | සිළුමිණ

අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීම් අද සහ හෙට

වදක තනතුර සඳහා බඳවාගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණ අද (2) සහ හෙට (3) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අයදුම්කරුවන් 79 දෙනෙක් සුදුසුකම් ලබා සිටියි.අයදුම්පත් 102ක් අතුරින් මෙම 79 දෙනා මූලික පරීක්ෂණය සඳහා තෝරාගෙන ඇති අතර අද සහ හෙට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවලින් සුදුසුකම් සපුරන කිහිප දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව පැවසේ.එලෙස තෝරා ගත් පිරිස වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව වදක තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනෙකු බඳවා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාට වදක තනතුර සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දී අදාළ තනතුරේ අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.මේ අතර අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පස්වරු 4.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.මෙහිදි බන්ධනාගාරවල පවතින ගැටළු පිළිබද සහ බන්ධනාගාරවල ආරක්ෂව සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

Comments