ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි | Page 2 | සිළුමිණ

ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ප්‍රිය භාර්යාව වූද, ශ්‍රීමා දිසානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (29) අභාවප්‍රාප්ත වූවාය. වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්තගේ මෑණියන් වූ ඒ මහත්මිය මිය යන විට 77 වන වියේ පසු විය.

1994 ජනාධිපතිවරණයේදී ගාමිණී දිසානායක මහතා එජාප අපේක්ෂකයා ලෙස තොටළඟ පෙදෙසේ පැවති රැලියකට සහභාගිව සිටියදී බෝම්බ ප්‍රහාරයකින් මිය-යෑමෙන් අනතුරුව, එම ජනපතිවරණ සටනට එජාප අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූයේද ශ්‍රීමා දිසානායක මැතිනියයි.

 

Comments