
ඉදිරි සතිය ඇතුළත දිවයිනේ දහවල් හා රාත්‍රී පවතින උෂ්ණත්වය තවත් වැඩි වනු ඇතැයිද, විශේෂයෙන් අප්‍රේල් 5 සිට 15 දක්වා ශ්‍රී ලංකාවට ඉර මුදුන්වීම හේතුවෙන් මේ තත්ත්වය තවත් උග්‍ර වීම සිදු වනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.
එසේ වුවත් 4 දායින් පසු දිවයිනේ සබරගමුව, ඌව පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්වලට සුළු වැසි ඇති වීමට ඉඩ ඇති බවද ඒ මහතා කියයි. මේ අතර ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේආර් අභයසිංහ මහතා පවසන්නේ සූර්යා මුදුන් වන කාලයේදී එය ශ්‍රී ලංකාවට බෙහෙවින් සමීප වන බවත්, මේ නිසා අප්‍රේල් 5-15 දිනවල අපේ රටට ලැබෙන උෂ්ණත්වය උග්‍ර විය හැකි බවත්ය. මේ අතර පසුගිය දිනවල අප රටෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙස කුරුණෑගල ප්‍රදේශය සෙ. අංශක 37.5ක උෂ්ණත්වයක පැවතිණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි මාර්තු මස කුරුණෑගල ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙ. අංශක 34.5කි.