
මාකඳුරේ මධූෂ්, අංගොඩ ලොක්කා, කොස්ගොඩ සුජී සහ කෙසෙල්වත්තේ දිනක යන විදේශයන්හි වෙසෙන පාතාල ප්‍රබලයන් ලෙස පෙනී සිටිමින් බන්ධනාගර රැඳවියන් පිරිසක් මෙරට ව්‍යාපාරිකයන් බිය ගන්වමින් මහා පරිමාණයෙන් කප්පම් ගැනීම්වල නිරතව සිටින බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.
ඩුබායිහි සහ ඉන්දියාවේ භාවිත කරන ජංගම දුරකතන සිම්කාඩ් පත් යොදාගෙන රෝමින් පහසුකම්වලින් මේ ඇමතුම් ගන්නා බැවින් ඉන්දියාවෙන් සහ ඩුබායිවලින් ඒ ඇමතුම් ලැබෙන බව සිතන ව්‍යාපාරිකයන්ද බියට පත්ව කප්පම් මුදල් දෙන බවටත්; කඩුවෙල, අංගොඩ, කොස්ගොඩ, ගාල්ල, අම්බලන්ගොඩ, හික්කඩුව, පිටකොටුව වන පැතිවල ව්‍යාපාරික කටයුතුවල නිරත ව්‍යාපාරිකයන්ගෙන් බහුල වශයෙන් ඒ ආකාරයට කප්පම් ලබාගෙන ඇති බවටත් බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ. මේ සම්බන්ධව විශේෂ කාර්ය බළකාය මඟින්ද තොරතුරු රැස් කරමින් සිටින අතර, බන්ධනාගරයේ සිට කප්පම් ඉල්ලා සිටින්නන් කිහිප දෙනකු මේ වන විටද හඳුනාගෙන ඇති බව විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග අනාවරණය කරයි.