බෙරාමහුල්ලේ සමීර අත්අඩංගුවට | Page 13 | සිළුමිණ

බෙරාමහුල්ලේ සමීර අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන බෙරාමහුල්ලේ සමීර නැමැත්තා සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු වත්තල හැඳල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් වෑන් රථයක් පරීක්ෂා කිරිමේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ දහයක වටිනාකමින් යුත් හෙරොයින් ග්රෑම් 100කට අධික තොගයක් අත්අඩංගුවට ගන්නා ලදි.සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත භාරදීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Comments