පාතාලයන් හා කුඩු ජාවාරමුන් සොයා රටවල් 6ක මෙහෙයුමක් | Page 4 | සිළුමිණ

පාතාලයන් හා කුඩු ජාවාරමුන් සොයා රටවල් 6ක මෙහෙයුමක්

මේ වන විට රටින් පලාගොස් විදේශයන්හි සැඟව සිටින පාතාලයේ අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වාගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට අවධානය යොමුව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

උදර්පන නීතිය යටතේ යම් අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීම සංකීර්ණ හා දීර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක් බැවින් අදාළ රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් මෙන්ම ඒ රටවල පොලිස් ප්‍රධානීන් සමග ඇති කරගන්නා යහපත් සම්බන්ධකම් ඔස්සේ ඔවුන්ව මෙරටට ගෙන්වාගැනීමට යම් උත්සාහයක් ගෙන ඇති බවත්, ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු වන වෙලේ සුදා සහ මොහොමඩ් සිද්ධික් පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආවේ ඒ ක්‍රමවේදයට අනුව බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ පාතාල අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් 50 දෙනකුට අධික පිරිසක් සැඟව සිටින්නේ ඉන්දියාව, ඩුබායි, එංගලන්තය, ජපානය, ඉතාලිය ආදි රටවල බව පොලිස් තොරතුරුවල සඳහන්ය.

Comments