
රටවල් 13ක් සඳහා ශ්‍රි ලංකාව වෙනුවෙන් නව තානාපතිවරුන් පත් කිරීමට පියවර ගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ පත් කිරීම් සිදු කර ඇති බව වාර්තා වෙයි.
මෙම පත් කරන ලද තානාපතිවරුන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
තුර්කිය, ඕමානය, බහරේන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඊශ්‍රායලය, පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, නෙදර්ලන්තය, සිංගප්පුරුව, ඔස්ට්‍රියාව, වොෂින්ටන් සහ අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඇතුළු මෙම රටවල් සඳහා නව තානාපතිවරුන් පත් කර තිබේ.
මෙම නව තානාපතිවරුන් පත් කිරීමට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ නාම ලේඛනය මේ වන විට පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යොමු කර ඇති බව සඳහන්ය.
අදාළ අනුමැතිය ලැබීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇති බව සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය එම තානාපතිවරුන්ගේ නාම ලේඛනය අදාළ රටවල අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කිරීමට නියමිතයි.
එම රටවල අනුමැතිය ලැබීමෙන් පසුව නව තානාපතිවරුන්ට අදාළ අක්ත පත්‍ර භාර දෙනු ඇත.