
මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ මාදෙල්ගමුව ප්‍රාථමික විද්‍යාලයට අඩුවක්ව පැවති ගුරු විවේකාගාරයක් ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් නවීකරණය කොට විවෘත කිරීමේ උත්සවයක් පසුගියදා ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවැත්විණි.
2018 වසරේ ඔක්තෝබර් මසට යෙදී තිබුණු 'රැස' හිටපු කර්තෘ අභාවප්‍රාප්ත චාමර ලක්ෂාන් කුමාර මහතාගේ තෙමස් ගුණ සමරුව නිමිත්තෙන් 'රැස' කර්තෘ මණ්ඩලය එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන් හා පාසල වෙනුවෙන් ඉගෙනුම් උපකරණ ප්‍රදානය කිරීමේ සමාජ සත්කාරයක් ක්‍රියාවට නංවනු ලැබිණි. එහිදී එම විද්‍යාලයට අඩුවක්ව පැවති ගුරු විවේකාගාරය පහසුකම් සහිතව නවීකරණය කරදීමට එම අවස්ථාවට සහභාගි වූ ලේක්හවුස් සභාපතිවරයාගේ අවධානය යොමුවිය.
එම අදහස මල්ඵල ගන්වමින් නවීකරණය කරනු ලැබූ අංගසම්පූර්ණ ගුරු විවේකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට මිනුවන්ගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සෝබා වර්ණකුලසූරිය, ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රසන්ත චන්ද්‍රතිලක, ජ්‍යේෂ්ඨ කළමනාකරු චන්ද්‍රලාල් සූරියආරච්චි, අංශ ප්‍රධානි (ගොඩනැඟිලි හා නඩත්තු) විසෙන්තිගේ, 'රැස' ප්‍රධාන කර්තෘ රංජිත් කුමාර සමරකෝන්, 'රැස' විශේෂාංග කර්තෘ තිඹිරියාගම බණ්ඩාර, විද්‍යාලයේ විදුහල්පතිනි එල්.ජී.ටී.ජී. සමරවීර යන මහත්ම මහත්මීන් සහ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, මවුපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ජායාරූප - කැළුම් ලියනගේ