කඩුලු රකින නායකයෝ නිල් මහා සටනට රොද බඳිති | Page 2 | සිළුමිණ

කඩුලු රකින නායකයෝ නිල් මහා සටනට රොද බඳිති

මෙරට ප්‍රමුඛම පාසල් දෙකක් වන කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන නිල් මහා සටන ක්‍රිකට් තරගය 140 වැනි වරටත් මාර්තු 7,8 හා 9 තෙදින කොළඹ එස්.එස්.සී.ක්‍රීඩා පිටියේදී පැවැත්විමට නියමිතය. රාජකීයන් කවිදු මදරසිංහගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර ශාන්ත තෝමස් විද්‍යාලය මෙහෙයවන්නේ සිතාර හපුහින්නයි.

ලොව අඛණ්ඩව පැවැත්වෙන ක්‍රිකට් තරග අතර දෙවන දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන රාජකීය - තෝමස් නිල් මහා සටන දෙවන වන්නේ 1879 දී ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ශාන්ත පීතර සහ ඇඩිලේඩ් අල්ෆ්‍රඩ් කුමර විදුහල අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට පමණී. නිල්මහා සටන 1880 වසරේදී ගෝල්ෆේස් ග්‍රීන් මේ වන විට ටාජ් සමුද්‍රා හෝටලය පිහිටි ස්ථානයෙන් ආරම්භ වී ඇත.

වසර 140 ක සොඳුරු අතීතයකට උරුමකම් කියන නිල් මහා සටනේ අතීතයේ විරුවන් ලෙස ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් මහාමන්‍ය ඩී. එස්. සේනානායක මහතා සහ ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක යන අග්‍රමාත්‍යතුමන් දෙදෙනා තරග කර ඇති අතර රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා හා ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රමාත්‍ය තුමා නිල් මහා සටන නියෝජනය කර ඇත.

35 වරක් රාජකීය විද්‍යාලය නිල් මහා සටනින් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් විද්‍යාලය 34 වරක් ජයගෙන ඇත. අවසන් වරට 2007 වසරෙදී ටී.ඒ.එම්. පීරීස්ගේ නායකත්වයෙන් ශාන්ත තෝමස් විද්‍යාල ජයගෙන ඇති අතර 2016 වසරේදී ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් රාජකීය විද්‍යාලය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක කුසලානය තමන් සතු කරගෙන ඇත.

රාජකීයන්ගේ නායකයා කවිදු මදරසිංහ තුන්වන වසර වර්ණ ලාභියෙකු වන අතර කණ්ඩායම මෙහෙයවන්නේ කඩුලු රකින්නා ලෙසය. කවිදුගේ නායකත්වයෙන් පසුගිය පාසල් ක්‍රිකට් කාර්තුවේදී තරග 15කට මුහුණදී ඇති රාජකීයන් ඒ අතරින් තරග 5ක් ජයගෙන ඇත.හෙනේගම මහා විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාල, හලාවත ශාන්ත මේරී විද්‍යාල, ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය හා දෙබරවැව මහා විද්‍යාලය වෙයි. කවිදු පිතිකරුවෙකු ලෙස අර්ධ ශතක දෙකක් හා එක් ශතකයක් පසුගිය කාර්තුවේදී හිමිකරගෙන ඇති අතර නොදැවී 104ක් රැස් කිරීමට සමත්ව සිටින ක්‍රීඩකයෙකි.

සිතාර හපුහින්නගේ නායකත්වයෙන් ශාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණ 5ක් හිමිකර ගෙන ඇත. ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය, කැගල්ල ශාන්ත මේරී විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, මහානාම විද්‍යාලය හා වේල්ස් කුමාර විද්‍යාලය ඒ අතර වෙයි. ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ 10ක් හිමි කරගෙන ඇත. සිතාර ශාන්ත තෝමස් විද්‍යාලයේ කඩුලු රකිමින් නායකත්වය උසුලන අතර තුන්වන වසර වර්ණ ලාභියෙක් වෙයි. තරග 15කදී ඉනිම 20කදී ආනන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 142ක් සමගින් අර්ධ ශතක 4ක් ශතක 2ක් සමගින් මුළු ලකුණු 802ක් 2018 පාසල් ක්‍රිකට් කාර්තුවේදි රැස්කරගැනිමට සමත්ව සිටින ක්‍රීඩකයෙකි.

රාජකීය විද්‍යාලයේ උපනායකත්වය උසුලන්නේ සිවුවැනි වසර වර්ණලාභියෙකු වන පසිදු සූරියබණ්ඩාරයි. පසිදු රාජකීය විද්‍යාලයේ සිටින දක්ෂ පිතිකරුවෙකී. පසුගිය කාර්තුවේ පසිදු අර්ධශතක 5ක්, ශතකයක් හා දිවිත්ව ශතකයක් හිමිකරගැනිමට සමත්ව සිටින දක්ෂ පන්දුවට පහර දෙන්නෙකි.

කාමීල් මිශාර රාජකිය විද්‍යාලය නියෝජනය කරන්නේ දෙවන වසර වර්ණලාභියෙකු ලෙසයි. පිතිකරුවෙක ලෙස කණ්ඩායමේ සුවිශේෂි තැනක් හිමිකරගෙන සිටින කාමීල් පසුගිය කාර්තුවේදී අර්ධ ශතකයක් ශතකයක් සමගින් ද්විත්ව ශතකයක් හිමිකරගෙන සිටින පන්දුවට පහරදෙන්නෙකි. කාමීල් මිශාර නොදැවි ලකුණු 250ක් ද පසුගිය කාර්තුවේදී රැස ්කරගැනිමට සමත්ව සිටින ක්‍රීඩකයෙකු ලෙස කැපීපෙනෙයි.

ඊශ්වර දිසානායක තම පළමු නිල් මහා සටනට ප්‍රවිෂ්ටව සිටී. ඊශ්වර රාජකීය විද්‍යාලය නියෝජනය කරන්නේ පිතිකරුවෙකු ලෙසය. අර්ධ ශතක හතරක් හා ශතකයක් පසුගිය කාර්තුවේදී හිමිකරගෙන සිටන ඊශ්වර වේගයෙන් පන්දුවට පහරදෙයි.

අහාන් වික්‍රමසිංහ දෙවන වසර වර්ණලාභියෙකු ලෙස රාජකිය කණ්ඩායම නියෝජනය කරයි. අර්ධ ශතක හතරක් සමග ශතක දෙකක් පසුගිය කාර්තුවේදී හිමිකරගෙන සිටින අහාන් පන්දුවට පහරදෙන්නෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටි.

ළහිරු මධුසංඛ දෙවන වසර වර්ණ ලාභියෙකු ලෙස රාජකිය විද්‍යාලය නියෝජනය කරන්නේ පන්දු යවන්නෙකු ලෙසය. පසුගිය පාසල් ක්‍රිකට් කාර්තුවේදී පන්දුවාර 33කදි මුළු ලකුණු 112කට කඩුලු 11ක් ලබාගැනිමට සමත්ව සිටින වේගපන්දු යවන ක්‍රිඩකයෙකි.

තුන්වන වසර වර්ණලාභියෙකු වන දෙවිදු සේනාරත්න රාජකීය විද්‍යාල නියෝජනය කරන්නේ පන්දුවට පහර දෙන්නෙකු ලෙසයි. අර්ධ ශතක දෙකක් හා එක් ශතකයක් පසුගිය කාර්තුවේදී රාජකිය විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් හිමි කරගැනිමට දෙවිදු සමත්ව සිටි.

භාග්‍ය දිසානායක දෙවන වසර වර්ණ ලාභියෙකු ලෙස රාජකීය විද්‍යාලය කණ්ඩායම නියෝජනය කරන අතර පසුගිය පාසල් ක්‍රිකට් කාර්තුවේදී එක් අර්ධ ශතකයක් හා එක් ශතකයක් හිමි කරගැනිමට සමත්ව සිටින පන්දුවට පහරදෙන්නෙකි.

ඩිමල් විජේසේකර දෙවන වසර වර්ණලාභියෙකු ලෙස රාජකීය විද්‍යාලය නියෝජනය කරයි. පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටින ඩිමල්ගේ පන්දු යැවීමේ හොදම අවස්ථාව ලෙස සටහන් වන්නේ වෙස්ලි විදුහලට එරෙහිව පන්දු වාර 13කදී මුළු ලකුණු 40ට කඩුලු 5ක් ලබාගැනිමයි.

තුන්වන වසර වර්ණලාභියෙකු වන මනුල පෙරේරා තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ලෙස රාජකීය විද්‍යාලය නියෝජනය කරයි.

ගිෂාන් බාලසූරිය පළමු වසර ක්‍රිඩකයෙකු වන අතර පන්දු යවන්නෙකු ලෙස රාජකීය විද්‍යාල නියෝජනය කරයි. පසුගිය පාසල් ක්‍රිකට් කාර්රතුවේදී පන්දු වාර 99 .4කදී මුළු ලකුණු 232ක් ලබාදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් කඩුලු 29ක් හිමිකරගෙන සිටින ක්‍රිඩකයෙකි.

කවිදු පතිරත්න රාජකීය විද්‍යාලය නියෝජනය කරන්නේ දෙවන වසර වර්ණ ලාභියෙකු ලෙසය. පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට විශාල දායකත්වයක් සපයන කවිදු දෙබරවැව මහා විද්‍යාලයට එරෙහිව පන්දු වාර 6කදී මුළු ලකුණු 14ට කඩුලු 3ක් ලබාගැනීමට සමත්ව සිටීන ක්‍රිඩකයෙකි.

තරුෂ රුක්ෂාන්, ශෙහාන් හේරත්, දසිස් මංචනායක හා තිථිර වීරසිංහ නිල් මහා සටනට එක්ව සිටින්නේ පළමු වරටයි. පන්දු යවන්නන් ලෙස එක්ව සිටන මේ ක්‍රිඩකයන් සිව්දෙනා රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් අනාගතයයි.

කලණ පෙරේරා ශාන්ත තෝමස් විද්‍යාලයේ උපනායක ලෙස කටයුතු කරයි. කළණ තරග 14කදී ඉනිම 19ක දී අර්ධ ශතකයක් හා එක් ශතකයක් වර්තා කිරිමට සමත්ව සිටින ක්‍රීඩකයෙකි. තුන්වන වසර වර්ණලාභියෙකු ලෙස නිල් මහා සටනයට පිවිසෙන කලණ තරග 14කදී පන්දු වාර 284කදී නිලකුණු පන්දුවාර 51ක් සමගින් මුළු ලකුණු839ක් ලබා දී කඩුලු 76ක්ද ලබාගෙන සිටියි තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ලෙස ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරයි.

ශනිල් ඩි මෙල් මහානාම විද්‍යාලයට එරෙහිව ලකුණු 151ක් සමගින් තරග 15කදී ඉනිම 21කදී අර්ධ ශතක 2ක් හා ශතක දෙකක් සමගින් මුළු ලකුණු 642ක් හිමිකරගැනීමට සමත් පන්දුවට පහරදෙන්නෙකු වන අතර පන්දුවාර 50කදී නිලකුණු පන්දුවාර 8ක් යවා මුළු ලකුණු 177කදී කඩුලු 8ක් ලබාගැනිමට සමත්ව සිටින ක්‍රීඩකයෙකි. දෙවන වසර ශාන්ත තෝමස් වර්ණලාභියෙකි.

උමයංග සුවාරිස් තරග 13කදී ඉනිම 15කදී හලාවත ශාන්ත මේරීස් විද්‍යාලට එරෙහිව ලකුණු 107ක් සමගින් මුළු ලකුණු 409ක් හිමිකර ගැනිමට සමත්ව සිටින පන්දුවට පහර දෙන්නෙකි. උමයංග අර්ධ ශතක තුනක් හා එක් ශතකයක් පසුගිය කාර්තුවේ ලබාගෙන ඇති අතර පන්දු යැවීමෙන් පන්දුවාර 48කදී නිලකුණු පන්දුවාර 11ක් සමගින් මුළු ලකුණු 123කට කඩුලු 6ක් ලබාගෙන ඇත. ප්‍රථම වරට නිල් මහා සටනට පිටියෙට පිවිසෙන ක්‍රිඩකයෙකි.

ඩියොන් ප්‍රනාන්දු තරග 12 කදී ඉනිම 15කදී එක් අර්ධ ශතකයක් සමගින් මුළු ලකුණු 386ක් රැස්කරගෙන සිටින ක්‍රිඩකයෙකි.

රවිදු ද සිල්වා තරග 9කදී ඉනිම 9කදී එක් අර්ධ ශතකයක් සමගින් එක් ශතකයක් සමග මුළු ලකුණු 372ක් වාර්තා කිරිමට සමත්ව සිටින ක්‍රීඩකයෙකි.

ඩෙලන් පීරීස් තරග15 කදී ඉනිම 16 කදී අර්ධ ශතක දෙකක් සමගින් මුළු ලකුණු 330ක් වාර්තා කිරිමට සමත්ව සිටින අතර තරග 15කදී පන්දු වාර 343කදී නිලකුණු පන්දුවාර 84ක් සමගින් මුළු ලකුණු 899කට කඩුලු 65ක්ද හිමිකරගෙන සිටින තුන් ඉරියව් ක්‍රිඩකයෙකි. පසුගිය වසරේ ශාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල ඩෙලන් සිව්වන වසර වර්ණ ලාභියෙකී.

ක්‍රිෂාන් මුණසිංහ තරග16කදී ඉනිම 17 කදී අර්ධ ශතක 2ක් සමගින් මුළු ලකුණු 325ක් හිමිකරගැනීමට සමත්ව සිටින අතර තරග 16කදී පන්දුවාර 121කදී නිලකුණු පන්දු වාර 31කදී මුළු ලකුණු 315කදී කඩුලු 13ක් ලබාගැනීමට සමත්ව සිටන ක්‍රිඩකයෙකි. දෙවන වසර වර්ණ ලාභියෙකු වෙයි.

තරග 13කදී ඉනිම 13කදී මුළු ලකුණු 170ක් රැස්කරගෙන සිටින තෙවින් ඊරියගම පන්දුවාර 77කදී නිලකුණු පන්දුවාර 19ක් සමගින් මුළුලකුණු 208කට කඩුලු 16ක්ද ලබාගෙන සිටී. ශාන්ත තෝමස් විද්‍යාලයේ තුන්වන වසර වර්ණ ලාභියෙකී.

මනීෂ රූපසිංහ තරග 8කදී ඉනිම 9කදී එක් අර්ධ ශතකයක් සමගින් මුළු ලකුණු 146ක් ලබාසිටියි.

ඩිල්මින් රත්නායක තරග 12කදී පන්දුවාර 158කදී නිලකුණු පන්දුවාර 27ක් සමගින් මුළු ලකුණු 532කට කඩුලු 34ක් ලබගෙන සිටියි.

ෂැනන් ප්‍රනාන්දු තරග 15කදී පන්දුවාර 223කදී නිලකුණු පන්දුවාර 76ක් සමගින් මුළු ලකුණු 474කට කඩුලු 36ක් ලබාගෙන ඇත.

ටෙහාන් ශාෆ්ටර් තෙවන වසර වර්ණලාභියෙකු වන අතර මොහොමඩ් ඉෂාක්, ශෙමාල් සමරවික්‍රම, ගාවින් බොතේජු හා ශමිල්ක වික්‍රමතිලක ප්‍රථම වරට නිල් මහා සටනට පිවිස සිටිති.

ඡායාරූප - සුලෝචන ගමගේ

Comments