
අසූ පස් වැනි ශාන්තුවරයන්ගේ සටන පී. සරා ඹ්වල් ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි මාර්තු 1 – 2 දෙදින පැවැත් වෙයි. මෝරීස් ජේ. ලේගෝෆ් පියනමගේ නමින් නම් කර ඇති කුසලානය වෙනුවෙන් තරග වදින ශාන්තුවරයන්ගේ සටනේ ශාන්ත ජෝශප් විද්‍යාලය අශියාන් ඩැනියල්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර ශාන්තුවරයන්ගේ ශාන්ත පීතර විද්‍යාල කණ්ඩායම පිටියට පිවිසෙන්නේ රන්මිත් ජයසේනගේ නායකත්වයෙන්ය.
ශාන්තුවරයන්ගේ සටනින් ශාන්ත ජෝශප් විද්‍යාලය 12 වතාවක් ජයගෙන ඇති අතර ශාන්ත පීතර විද්‍යාලය සාන්තුවරයන්ගේ සටන 10ක් ජයගෙන ඇත. අවසන් වරට මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන් 2008දි ජයවාර්තා කිරීමට සමත් වු අතර 2016 වසරේදී මෝරීස් ජේ. ලේගෝෆ් පියනම නමින් නම් කර ඇති කුසලානය තමන් සතුකරගන්නට විනෝ මෝතීගේ නායකත්වයෙන් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්විය.
2018 වසර පාසල් ක්‍රීකට් කාර්තුවේදී පාසල් අතර තරග 13කදී ශාන්ත පැට්රික් විද්‍යාල යාපනය, ගුරුකුල මහා විද්‍යාලය හා නුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය යන තරග 3න ශාන්ත ජෝශප් විද්‍යාලය ජයගෙන ඇති අතර මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට හා කටුගස්තොට ශාන්ත අන්තෝනී යන විද්‍යාල දෙකට ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජයට පත්ව ඇත. ජයපැරදුමෙන් තොරව තරග 8ක් නිමාවට පත්ව ඇත.
2018 වසරේ අයශියාන් ඩැනියෙල්ගේ නාකත්වයෙන් ජනාධිපති විද්‍යාලය හා ලුම්බිනි විද්‍යාලය අතර පැවැති තරග දෙකම ජයගෙන ඇති අතර පාසල් තරග 15කට දායක වී ඇත. තරග 10ක් පළමු ඉනිම ජයගෙන ඇති අතර තරග 3ක් පළමු ඉනිම පරාජයට පත්ව ඇත.
දෙවන වසර වර්ණලාභීයෙකු වන අයශියාන් ඩැනියල් 19න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයෙකී. පසුගිය කාර්තුවේදී තරග හතරකදී ඉනිම 5කදී නොදැවි ලකුණු 41ක් ලබාගෙන අති අතර සාමන්‍ය 37.61ක් රදවාගැනිමට සමත්ව ඇති ක්‍රීඩකයෙකි. ශාන්ත ජෝශප් විද්‍යාලයේ කණ්ඩායම් නායකයා ලෙස ජාත්‍යන්තර අත්දැකීම් සමගින් ශාන්තුවරයන්ගේ සටනට අශියාන් තම කණ්ඩායම සමග පිටියට පිවිසෙයි.
සිව්වැනි වසරේ වර්ණලාභියෙකු ලෙස නායකත්වයේ වගකිම් මතින් ශාන්තුවරයන්ගේ සටනට පිටියට පිවිසේන ශාන්ත පීතර විද්‍යාලයේ නායක රන්මිත් ජයසේන පසුගිය ක්‍රිකට් කාර්තුවේදී තරග 15කදී ඉනිම 19කදී මුළු ලකුණු 657ක් ලබා සිටියි. පන්දුවාර 70.2 කදී නිලකුණු පන්දුවාර 14ක් සමගින් මුළුලකුණු 239කට කඩුලු 11ක් ලබා තුන්ඉරීයව් ක්‍රීඩකයෙකු නායකයෙකු ලෙස පිටියට පිවිසෙන රන්මිතගේ බලාපොරොත්තුව 2019 වසරේ මෝරීස් ජේ. ලේගෝෆ් කුසලානය හිමිකරගැනීමයි.
ශාන්ත ජෝශප් කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරන යොහාන් ඩී. සිල්වා දෙවන වසර වර්ණලාභියෙකු වෙයි. පසුගිය තරග කාර්තුවේදී තරග 12කදී ඉනිම 19කදී මුළුලකුණු 427ක් රැස්කරගෙන සිටින ජොහානී සාමාන්‍ය 66.61ක් රදවාගැනිමට සමත්ව සිටීයි.
දෙවන වසර වර්ණලාභියෙකු වන ලක්ෂාන් ගමගේ වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රීකට් සංචිතය නියෝජනය කරන තවත් ශාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩකයෙකි. පසුගිය පාසල් ක්‍රිකට් කාර්තුවේදී තරග අටකදී ඉනිම 12කදී මුළුලකුණු 210ක් රැස්කිරීමට සමත් වු ක්‍රීඩකයෙකු වන අතර 21.00 සාමාන්‍යයක් රදවාගැනිමට සමත්ව සිටියි.
සචින්ත මහින්දසිංහ දෙවන වසර වර්ණලාභියෙකු වන අතර තරග 12කට තරග කොට ඉනිම 16කදී මුළුලකුණු 376ක් ලබාගෙන ඇති අතර සාමාන්‍ය 25.07ක් රදවාගැනීමට සමත්ව සිටීන ක්‍රීඩකයෙකී.
මිරන්ග වික්‍රමගේ දෙවන වසරේ ක්‍රිඩකයෙකු වන අතර තරග 12කදී ඉනිම 15කදී මුළු ලකුණු 231ක් ලබාගැනිමට සමත්ව සිටින අතර පන්දු වාර 213.2ක් යවා නිලකුණු පන්දුවාර 23ක් ලබා ලකුණු 315ට කඩුලු 11ක දක්ෂතාවයක්ද ප්‍රදර්ශණය කර ඇත.
19න් පහල ශ්‍රී ලංකා ක්‍රීකට් ජාතික සංචිතය නියෝජනය කරන දිනෙත් ජයකොඩි ශාන්ත ජෝශප් විද්‍යාලයේ දෙවන වසර නියෝජනය කරයි. පසුගිය පාසල් ක්‍රීකට් කාර්තුවේදී තරග 8කදී ඉනිම 12කදී මුළු ලකුණු 532ක් රැස්කිරීමට සමත්ව සිටින දක්ෂ පන්දුවට පහරදෙන්නෙකී.
19න් පහල ශ්‍රී ලංකා ක්‍රීකට් ජාතික සංචිතය නියෝජනය කරන දුනිත් වෙල්ලාලගේ දෙවන වසර නියෝජනය කරන ක්‍රීඩකයෙකී. තරග 5කදී. ඉනිම 7කදී මුළු ලකුණු 302ක් රැස්කිරීමට සමත්ව සිටින අතර සාමාන්‍ය 53.93ක් රදවාගැනීමට සමත්ව සිටි. පාසල් ක්‍රිකට් කාර්තුවේදී පන්දුවාර 120.3ක් යවා නිලකුණු පන්දුවාර 26ක් සමගින් මුළු ලකුණු 369ට කඩුලු 10ක් ලබාගනිමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මෙවර පිටියට පිවිසෙයි.
මිතිර තේනුර පලමු වසර නියෝජනය කරන ක්‍රීඩකයෙකු වන අතර පන්දු යවන්නෙකු වශයෙන් ශාන්ත ජෝශප් කණ්ඩායම නියෝජනය කරයි. පන්දුවාර 38කදී නිලකුණු පන්දුවාර 6ක් සමගින් ලකුණු 162කට කඩුලු 2ක් ලබාගැනීමට සමත්ව සිටී.
ඩිනාල් අනුරාධ පලමු වසර නියෝජනය කරමින් ශාන්ත ජෝශප් විද්‍යාල කණ්ඩායම නියෝජනය කරයි. ශෙරන් ෆොන්සේකා පලමු වසර නියෝජනය කරන අතර තරග 12කදී ඉනිම 17කදී මුළු ලකුණු 398ක් ලබාගෙන සාමාන්‍ය 24.88ක් රදවාගැනිමට සමත්ව සිටියි. අශාන් ද අල්විස්ද පලමු වසර ක්‍රීඩකයෙකු වන අතර පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායම නියෝජනය කරයි. රීශිත පෙරේරා පළමු වසර ක්‍රීඩකයෙකුවෙයි. යෙසිත් රූපසිංහ හා ශෙවෝන් ඩැනියෙල් ද පළමු වසර ක්‍රීඩකයන් දෙපලකී.
ශාන්ත ජෝශප් විද්‍යාලයේ දක්ෂතම පන්දුයවන්නා ලෙස පිටියට පිවිසෙන්නේ ශාලින්ද සෙනෙවිරත්නයි. තරග 12කදී ඉනිම 12කදී පන්දු වාර 331.2කදී නිලකුණු පන්දු වාර 58ක් සමගින් ලකුණු 942කට කඩුලු 67ක් පසුගිය කාර්තුවේදී ලබාගැනිමට ශාලින්ද සමත්ව සිටී. සාලින්ද පලමු වසර ශාන්ත ජෝශප් කණ්ඩායම නියෝජනය කරයි.
ශාන්ත පීතර විද්‍යාලයේ උපනායක ලෙස කටයුතු කරන්නේ සිව්වන වසර වරණළාභියෙකු වන ශන්තුෂ් ශුණතිලකයි. 19න් පහළ ශ්‍රී ලංකා ජාතික සංචිතයේ සාමාජිකයෙකු වන ශන්තුෂ් ගුණතිලක පසුගිය වසරේ පාසල් ක්‍රිකට් කාර්තුවේ වැඩිම ලකුණු ලාභියාද වෙයි. තරග 15කදී ඉනිම 18කදී නොදැවී ලකුණු 252ක් සමගින් මුළු ලකුණු 1323ක් ලබාසිටින ක්‍රිඩකයෙකී.. ශන්තුෂ් තුන්ඉරයව් ක්‍රීඩකයෙකු ලෙස පන්දුවාර 140කදී නිලකුණු පන්දුවාර 44ක් සමගින් මුළුලකුණු 340කට කඩුලු 28ක් ද ලබාගෙන පන්දුවෙන්ද දක්ෂතා දක්වා සීටියි.
ශාන්ත පිතර විද්‍යාලයේ තුන්වන වසර වර්ණලාභියෙකු ලෙස කටයුතු කරන ශිවාන් පෙරේරා නිත්‍ය පන්දු යවන්නෙකු ලෙස පිටියට පිවිසෙයි. පන්දුවාර 127.2ක් යවා ඇති ශීවාන් නිලකුණු පන්දුවාර 22ක් සමගින් මුළුලකුණු 479කට කඩුලු 23ක් ලබාගෙන සිටී.
දිනිත් අංජුල තුන්වන වසර වර්ණ ලභියෙකු ලෙස ශාන්ත පීතර විද්‍යාලය නියෝජනය කරන අතර දිනෙත් තරග 9කදී ඉනිම 12 කදී නොදැවී ලකුණු 67ක් සමගින් ලකුණු 342ක් ලබාගැනීමට සමත්ව සිටින ක්‍රීඩකයෙකී.
නිපුණක ෆොන්සේකා ද ශාන්ත පීතර විද්‍යාලයේ තුන්වන වසරේ වර්ණ ලාභියෙකු ලෙස කටයුතු කරයි.නිපුණක තරග 14කදී ඉනිම 17කදී මුළු ලකුණු 332ක් ලබාගැනිමට සමත්ව සිටින ක්‍රීඩකයෙකී.
ප්‍රභාෂර හේරත්, ලෂාන් රුද්‍රිගු, භානුක ද සිල්වා ද ශාන්ත පීතර විද්‍යාලයේ තුන්වන වසරේ වර්ණලාභින් ලෙස ශාන්තුවරයන්ගේ සටනට පිවිසෙති.
හිම්සර රන්දෙණි දෙවන වසර වර්ණ ලාභියෙකු ලෙස ශාන්ත පීතර විද්‍යාලය නියෝජනය කරයි. ෂැනන් ප්‍රනාන්දු දෙවන වසර වර්ණ ලාභියෙකු ලෙස කටයුතු කරයි. පසුගිය තරග කාර්තුවේදී ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් තරග 15කදී ඉනිම 14කදී නොදැවි ලකුණු 32ක් සමගින් මුළුලකුණු 233ක් ලබා ගැනිමට ශනූන් ප්‍රනාන්දු සමත්ව සිටී.
තරීක් සාබූර්, රුවින් සෙනෙවිරත්න හා කණිෂ්ක මධුවන්ත දෙවන වසර වර්ණ ලාභින් වන අතර කණිෂ්ක තරග 14කදී ඉනිම 8කදී නොදැවී ලකුණු 41ක් සමගින් මුළුලකුණු 122ක් ලබාගැනිමට පසුගිය කාර්තුවේදී සමත් විය.
වනුජ සහාන්, විනුද ලියනගේ, රිශික දවටගේ, ශෙනාල් බොතේජු හා ත්‍රිශේන් වික්‍රමසිංහ ශාන්තුවරයන්ගේ සටනට එක් වන්නේ ප්‍රථම වරටයි.










