මහවැලි පවුල් 1,65,000කට සින්නක්කර ඉඩම් ඔප්පු | Page 2 | සිළුමිණ

මහවැලි පවුල් 1,65,000කට සින්නක්කර ඉඩම් ඔප්පු

2015 සිට මේ දක්වා සියලු මහවැලි කලාපවල පදිංචි ජානපදිකයන්ට එම ඉඩම්වල පූර්ණ අයිතිය ලැබෙන පරිදි පවුල් 1,65,000ක් සඳහා ඉඩම් ඔප්පු ලබාදී ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඍජු අධීක්ෂණය හා උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ වසරේ මහවැලි ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩපිළිවෙළ පසුගිය සිකුරාදා දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහා විද්‍යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙහිදී ජනාධිපතිතුමා අතින් ඉඩම් ඔප්පු 10000ක් පිරිනැමිණි.

මේ යටතේ 2015 සිට මේ දක්වා මහවැලි ඔප්පු වැඩිපුරම ලබාදී ඇත්තේ මහවැලි බී කලාපයේ මහවැලි ජානපදිකයන්ටය. ඒ ප්‍රමාණය ඉඩම් ඔප්පු 40,000 කට ඉක්මවා තිබේ. ඊට අමතරව මහවැලි සී කලාපයේ හා වලව විශේෂිත කලාපයේ පදිංචිකරුවන්ටද මහවැලි ඔප්පු විශාල ගණනක් ලබාදී ඇත. ඒ ප්‍රමාණය ඔප්පු 78,000කට ආසන්නය. ඊට අමතරව අන් සියලු මහවැලි කලාපවල පදිංචි ජානපදිකයන්ටද තම ඉඩම්වල අයිතිය ලැබෙන පරිදි ඉඩම් ඔප්පු පිරිනමා ඇත.

 

Comments