ලබන ජනවාරිය වන විට උදා කළ ගම්මාන 5000ක් | Page 2 | සිළුමිණ

ලබන ජනවාරිය වන විට උදා කළ ගම්මාන 5000ක්

ලබන ජනවාරි මාසය වන විට රට පුරා උදාකළ ගම්මාන 5000ක් ආරම්භ කිරීමේ ඉලක්කය සපුරන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කියයි.

2015 දෙසැම්බර් සිට මේ දක්වා දිවයින පුරා ආදර්ශ ගම්මාන 1773 ආරම්භ කර ඇති අතර ගම්මාන 161 වැඩ අවසන්කර ජනතාවට බාර දී ඇත. මේ සෑම උදාකළ ගම්මානයකම අලුත් නිවාස 25-75 අතර ගණනක් ඉදි කෙරේ. ලබන සැප්තැම්බර් අවසන් වන විට අලුත් උදාකළ ගම්මාන 2500 ක් ඉදිකිරීම ආරම්භ කරනු ඇත.

මේ යටතේ ඉදිකරණ විශාලතම උදාකළ ගම්මානය හම්බන්තොට රන්මිණි තැන්ණේ ඉදි වන අතර එහි නිවාස 300ක් ඉන්දීය රජයේ ආධාර ඇතුව ඉදි කෙරේ.

රජයේ නිවාස වැඩපිළිවෙළ නිසා 2015 සිට රට පුරා පවුල් ලක්ෂ 3කට සෙත සැලසී ඇති බවත් පසුගිය වසර 4න් නිවාස සංවර්ධන කටයුතුවලට මිලියන 50,000 ක ආයෝජන වෙන් කර ඇති බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

Comments