
ලක්ෂ 10කට අධික ත්‍රිරෝද රථ රියැදුරන්ට නොමිලේ වෙනත් වෘත්තියක් සඳහා පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් ආරම්භ කර ඇති බව එම අධිකාරියේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි.
දළ වශයෙන් පැය 8ක කාලයක් සේවයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරකු කුලී ගමන් යන්නේ පැය 2කට ආසන්න කාලයක් බවත්, ඉතිරි පැය 6ක කාලය තුළ ඔහු තම වාරය එන තෙක් රථ ගාලට වී නිකරුණේ කල් ගත කරන බවත් සමීක්ෂණයක් මඟින් අනාවරණය කරගත් බව පවසන සාරංග මහතා; මේ අතිරේක කාලය තුළ ඔවුන් පෙදරේරු, විදුලි කාර්මික, කොණ්ඩා කැපීම වැනි රැකියා පුහුණුවකට යොමු කර, අමතර ආදායමක් උපයාගැනීමට මේ වැඩසටහන මඟින් අවස්ථාව සලසා දී ඇති බවද පැවසීය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.naita.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව ද ඒ මහතා කීය.