
ඩුබායිහිදී පැවැති මධුෂ්ගේ සාදයට එක් වූ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මේ වන විට හඳුනාගෙන ඇති බවට බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඔවුන් කළුතර බන්ධනාගාරයේ නිලධාරීන් වන ලලිත් කුමාර, රුක්ෂාන් සහ සංජීව තිදෙනා බවට වාර්තා වේ.
එම තිදෙනාගෙන් කිහිලිකරු ආධාරයෙන් සාදයට එක්ව තිබුණේ කඹුරුපිටියේ පදිංචිකරුවකු වන ලලිත් කුමාර වන අතර ඔහු කළුතර බන්ධනාගාරයේ සිට මධුෂ් ඇතුළු පිරිසට සියලු තොරතුරු ලබාදුන් පුද්ගලයා බවට සැක කෙරේ. එසේම ලලිත් කුමාර විසින් 2017 පෙබරවාරි 27 දින කළුතරදී සමයං ඇතුළු සත්දෙනෙකු ඝාතනය කිරීමට තොරතුරු සැපයු බන්ධනාගාර නිලධාරියාද ඔහු විය යුතු බවටද මේ වන විට අනාවරණය වෙමින් තිබේ.