
පොදු ව්‍යාපාර කාරක සභාවට හා රජ්‍ය ගිණුම් කාරක සභාවට ජනමාධ්‍යවේදීන්ට නිරීක්ෂණ මට්ටමින් සහභාගීවීමට අවස්ථාව සළසා දෙන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
පොදු ව්‍යාපාර කාරකසභා සභාවේ පළමු වාර්තාව ( 2017--7-01 සිට 2017-9-30 දක්වා ) පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී සභපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මෙමඟින් නිලධාරීන්ට වගවීමක් ඇතිවන බවත් ඒ සඳහා අවස්ථාව සැලසීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියේ ය. මෙමඟින් රාජ්‍ය ව්‍යාපාර දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමට හැකිවන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.