ශ්‍රීපාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙට සීල් | Page 2 | සිළුමිණ

ශ්‍රීපාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙට සීල්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හැටන් - පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය වසා දැමීමට  කටයුතු කර තිබේ.

මහජන සෞඛ්‍යයට අහිතකර සහ අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන යාම හේතුවෙන් ශ්‍රී පාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය මෙලෙස වසා දැමිණි .

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන විද්‍යා පීඨ මුළුතැන්ගෙය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් පවත්වාගෙන යන අතර වහාම පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර වාර්තා කරන ලෙස ඔහුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම් දී තිබේ.

විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභීන් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කෙරිණි.

Comments