මරණ දඬුවම සම්බන්ධ කිසිදු ලිපිගොනුවක් අස්ථානගත වී නෑ | Page 3 | සිළුමිණ

මරණ දඬුවම සම්බන්ධ කිසිදු ලිපිගොනුවක් අස්ථානගත වී නෑ

මරණ දඬුවම සම්බන්ධ කිසිඳු ලිපිගොනුවක් අස්ථානගත වී නැතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (5) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 48 දෙනකු සිරගතව සිටින බවත් ඉන් 30 දෙනකු අභියා‍චනා ඉදිරිපත් කර ඇති බවත් පැවැසූ ඇමතිවරිය කිසිඳු ලිපි ගොණුවක් අස්ථානගත වී නොමැති බවත් ප්‍රකාශ ක‍ළාය.

මරණ දඬුවම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරනුයේ නීතිපති දෙපා‍ර්තමේන්තුව බවත් අවසන් තීරණය ජනාධිපතිවරයා සතුවන බවත් ඇමතිවරිය කීවාය.

මරණ දඬුවම නියම වූවන් 1242 ක් මේ වනවිට බන්ධනාගාර තුළ සිටින බවත් ඉන් 873 දෙනකු අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් ඇමතිවරිය පැවසුවාය.

මරණ දඬුවම නියම වූ කිසිවකු හට 2010 වසරින් පසුව ජනාධිපති පොදු සමාව ලබාදී නොමැති බවත් පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් සමාලෝචන මණ්ඩල ක්‍රියාත්මක වන බවත් එහිදී ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මරණ දඬුවම නියම වූ ජාවාරම් කරුවන්ගේ ලිපිගොනු අතුරුදන්ව ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරිය මේ බව සඳහන් කළාය.

Comments