
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වැදගත්කම සහ ඒ සම්බන්ධයෙන් ගොඩ නඟා ඇති වැරදි මත සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක පැහැදිලි කර දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
නව ව්‍යවස්ථාව මඟින් රට බෙදෙන බවට හා ඒ සම්බන්ධයෙන් ගොඩනඟා ඇති වැරැදි අර්ථ පිළිබද නාහිමිවරුන් හමුවී පෙන්වා දීමටත් දෙමළ ජනතාවගේ අර්බුදයට දේශපාලන විසදුම් ගෙන ඒමේ අවශ්‍යතාව පැහැදිලි කිරීමටත් දෙමළ ජාතික සන්ධානය සූදානමින් සිටින බව එම සන්ධානයේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන පක්ෂ ත්‍රිත්වයේ නායකයින් හා නියෝජිතයින් සාකච්ඡා ආරම්භ කර ඇත.
ඒ.එච්. ඉෂාක්