ජාතික ආණ්ඩුවකට සාකච්ඡා | Page 3 | සිළුමිණ

ජාතික ආණ්ඩුවකට සාකච්ඡා

ජාතික ආණ්ඩුවක් යළි පිහිටුවීම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කරනු ලැබ ඇත.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප්‍රතිපත්ති පිළිගන්නා සියලු පාර්ශ්වයන් ඒකරාශි කර ගැනීමට හැකිවනු ඇතැයි පසුගියදා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයා පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පොදුජන පෙරමුණට සහය පළකරමින් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා පවත්වා ඔවුන් මෙම ජාතික ආණ්ඩුව සමඟ එක් කර ගැනීමට කටයුතු කරන ලෙස ද අගමැතිවරයා අදහස් කර ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ අවස්ථා දෙකකදී අගමැතිවරයා සහ පාර්ශ්වයන් කිහිපයක් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇත.

Comments