ගිනිඅවි - උණ්ඩ සමඟ දෙදෙනෙක් බදුරලියේදී කොටු | Page 3 | සිළුමිණ

ගිනිඅවි - උණ්ඩ සමඟ දෙදෙනෙක් බදුරලියේදී කොටු

විදෙස් රටවල නිෂ්පාදිත ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු බදුරලිය අත්වැල්තොට පාලම අසල දී  අත්අඩංගුවට ගෙන තිබේ.   
 
කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු කළ වැටලීමක දී බලපත්‍ර නොමැති  බෝර 12 වර්ගයේ ගිනි අවි 05ක් සහ පතොරම් 05ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.
 
සැකකරුවන් දෙදෙනා රත්නපුර සහ කලවාන ප්‍රදේශවල පදිංචිකවෝ වෙති.ඔවුන් අද(25) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments