
සෑම රාජකාරි දිනකම අලුතින් යතුරු පැදි 1350 ක් හා මෝටර් රථ 325 කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් මහාමාර්ගයට එකතු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ‘සිළුමිණ’ ට කීය.
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන තරම් අධික වාහන ප්‍රමාණයක් මෙසේ දිනපතා මහාමාර්ගයට එකතු වන බව කී චන්ද්‍රසිරි මහතා පසුගිය වසරේ පමණක් යතුරු පැදි 339763 ක් හා මෝටර් රථ 80773 ක් අලුතින් මහා මාර්ගයට එක්වී ඇතැයි කීය. පසුගිය වසරට පමණක් මහාමාර්ගයට එක්වූ සමස්ත වාහන සංඛ්‍යාව 480799 ක් බව පැවසූ ඒ මහතා ද්විත්ව කාර්ය වාහන (වෑන් රථ) ලියාපදිංචිය 2012 වසර සිට 2016 දක්වා ඉහළ මට්ටමක තිබූ නමුත් එය පසුගිය 2017 හා 2018 වසරවල අඩකට ආසන්න අඩුවීමක් පෙන්නුම් කරන බව ද කීය.