
නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
මාර්තු 31 තෙක් පැවැත්වෙන මේ ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තු සපයන්නන්ට මුදලින් තිළිණ ප්‍රදානය කිරීමට පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.
ඒ අනුව ටී - 56 ගිනි අවියක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 50,000 ක් පොලිස් නිලධාරීන්ට හිමිවන අතර ඔත්තු සැපයූ තැනැත්තාට රුපියල් 20,000 ක් හිමිවෙයි. රිපීටර් තුවක්කුවක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගැනීමට ඔත්තු සපයන්නකුට රුපියල් 15,000 ක් පොලිස් නිලධාරියාට රුපියල් 40,000 ක් ද හිමිවෙයි.
විදේශ නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සඳහා ඔත්තුකරුට රුපියල් 10,000 ක් ද පොලිස් නිලධාරියාට රුපියල් 20,000 ක් ද හිමිවේ. මේ අයුරින් සියලුම අනවසර ගිනි අවි සඳහා මුදල් තිළිණ ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇති අතර සැකකරුවෙකු නොමැතිව ගිනි අවිය පමණක් අත්අඩංගුවට ගැනීමේදී තිළිණ මුදල් අඩකින් පමණ අඩුවනු ඇතැයි ද පොලිස් අධිකාරිවරයා පවසයි. සියලු ඔත්තු සේවාවන් රහසිගත ලෙස තබා ගැනීමට කටයුතු යොදා ඇත.