බන්ධනාගාර පහරදීමේ සිද්ධිය සොයන්න පරීක්ෂණයක් | Page 3 | සිළුමිණ

බන්ධනාගාර පහරදීමේ සිද්ධිය සොයන්න පරීක්ෂණයක්

මාධ්‍ය ඔස්සේ මේ දිනවල ප්‍රචාරය වන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර (21) වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.
 
මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අමාත්‍යවරියගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රමුඛ ත්‍රි ප්‍රද්ගල කමිටුවක් පත් කර ඇත.
 
අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යවරිය සඳහන් කරයි .
 
( අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ වීඩියෝව)
 

Comments