APADM දින 8ක ජල පුහුණු‍ වැඩසටහනක් | Page 2 | සිළුමිණ

APADM දින 8ක ජල පුහුණු‍ වැඩසටහනක්

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක්  ජනවාරි 16  දින සිට දින අටක් (08) පුරා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය කළපු ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
 
මෙම පාඨමාලාව හමුදා සහ සිවිල් වශයෙන් අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර ජපානයේ ආසියා පැසිෆික් ආපදා කළමනාකරණ සංවිධානය මඟින් ප්‍රවිණ පුහුණුකරුවන් 06 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදා උපදේශකවරුන් ද ඒ සඳහා සහභාගිවේ. 
 
මෙම පුහුණු වැඩසටහන සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත සාමාජිකයින් ඇතුළුව යුද, ගුවන් හමුදාවට සහ පොලිසියට අනුයුක්ත සාමාජිකයින් මෙන්ම ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් ජනතාව සහභාගිවීමට නියමිතය.

Comments