විමල්ගේ වන්දිය ජනතා වැඩට | Page 3 | සිළුමිණ

විමල්ගේ වන්දිය ජනතා වැඩට

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ලබා දෙන රුපියල් කෝටියක වන්දි මුදල සම්පූර්ණයෙන්ම මහජන හිත සුව පිණිස පොදු කාර්යයන් සඳහා යොදවනු ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සිළුමිණට කීය.

ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛන භාවිත කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියෙන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය වී ඇති බව කොළඹ මහාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවන ලෙස වාණිජ මහාධිකරණය විසින් පසුගිය සිකුරාදා විමල් වීරවංශ මහතාට නියෝග කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පවා කිසිදු ආකාරයක වැටුප් හෝ දීමනා ලබා නොගන්නා බව පැවසූ ටිල්වින් සිල්වා මහතා පක්ෂයේ බුද්ධිමය දේපළට වූ හානිය උදෙසා මෙම නඩුව පැවරූ බවත් පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර, අධිකරණය විසින් අදාළ කෘතිය ප්‍රකාශයට පත්කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද පනවන ලදී.

Comments