පඩිය 1000ක් කරන්න වතු ලොක්කන් එකඟ වෙන ලකුණු | Page 2 | සිළුමිණ

පඩිය 1000ක් කරන්න වතු ලොක්කන් එකඟ වෙන ලකුණු

වැවිලි වතු සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමේ ඇති හැකියාව සොයාබැලීම පිළිබඳ සාකච්ඡවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතගේ ප්‍රධනත්වයෙන් ඊයේ (10) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.
 
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමයේ මහ ලේකම් හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මැතිතුමා හා කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ  මහත්වරු මේ සාකච්ඡාවට සහභාගී වී තිබේ. 
 
එහිදී වතු සේවකයින් වෙනුවෙන් රුපියල් දාහක වැටුපක් ලබා දීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.එහිදී වතු සමාගම් ප්‍රධානීන් විසින් රුපියල් 940ක මුදලක් ලබා දිය හැකි බව පැවසූ අතර අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ රුපියල් දාහක මුදලක් ලබා දිය හැකි බවයි.
 
ඉන් පසුව වතු සමාගම් ප්‍රධානීන් මේ පිළිබඳව සාකච්ඡා කොට ඉදිරියේ දී එකඟතාවකට පැමිණ දැනුම් දීමට කටයුතු කරන බව  අමාත්‍යවරුන්හට දන්වා ඇති අතර ඒ බව අමාත්‍යවරු විසින් වතු සේවක සංගම් ප්‍රධානීන් හට දැනුම් දෙන ලදි.
 
 

Comments