
ගම්පෙරළිය තවදුරටත් අඛණ්ඩව පවත්වගෙන යාමට 2019 වර්ෂය සඳහා රුපියල් බිලියන 48ක ප්‍රතිපාදන වෙන් කරගැනීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමතිය හිමිව තිබේ.
ගම්පෙරළිය වැඩසටහන යටතේ, ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය, ග්‍රාමීය මාර්ග නවීකරණය කිරීම, පාසල් සඳහා සනීපරක්ෂක පහසුකම් සැලසීම, පාසල් ක්‍රීඩාපිටි,සතිපොළ හා හරිත උද්‍යාන ඉදිකිරීම, විදුලි බලය ලබාදීම,ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය,නිවාස සංවර්ධනය සහ ඉඩම් ඔප්පු ලබාදීම ආදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2018 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 20ක ප්‍රතිපාදන අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේ ය.
මේ අනුව එක් මැතිවරණ කොට්ඨාශයකට රුපියල් මිලියන 300 බැගින් ලබාදෙමින් ගම්පෙරළිය වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.