ඉලක්ක රැසක් ජයගතහැකි අයවැයක් සැකසෙයි | Page 4 | සිළුමිණ

ඉලක්ක රැසක් ජයගතහැකි අයවැයක් සැකසෙයි

 
 
නව වර්ෂය සඳහා වන ජාතික අය-වැය,දැනට සිදු කෙරෙමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් සහ 2021 වර්ෂය වනවිට අත්පත් කරගැනීමට සැලැසුම් කර ඇති මධ්‍ය කාලීන රජ්‍ය  මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගත හැකි අයවැයක් පිළියෙල කිරීම පිණිස මුදල් හා ජනමධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වී ඇත.
 
රජයේ ආදයම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි කිරීම, රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය  නිෂ්පාදිතයෙන් 15%ක ප්‍රතිශතයකට සීමා කිරීම, රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක ප්‍රතිශතයක පවත්වාගෙන යාම, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට සීමා කිරීම, නොපියවූ රාජ්‍ය ණය දළ දේශීය නිශ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම ආදී අරමුණු සාක්ෂාත් කරගැනීම මේ අයවැයේ  මූලික පරමාර්ථය වී තිබේ.
 
 

Comments