
ජනවාරි
1 සෙනගාල් දේශයේ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩිපහරින් වසරේ පළමු දිනයේදීම පුද්ගලයන් 13 දෙනකු මියගියා.
6 - 10 ඉරානය භූමිකම්පා වැලකට මුහුණ දුන්නා.
7 මෙක්සිකෝවේ වෙරළාසන්න හෝටලයකදී තුවක්කු ගත් දෙපිරිසක් අතර අවි ගැටුමක් ඇති වූවා. මියගිය පිරිස එකොළහක්. කනගාටුවට මෙන් මේ අතරින් වැඩි දෙනකු ගැටුමට මැදි වූ පිරිස බව සඳහන් වූවා.
8 - නයිජීරියාවේ ගැටුම්වලින් 83ක් මියගියා. ගැටුම් ඇති වූයේ මුස්ලිම් ජාතික සත්ත්ව පාලකයන් සහ ක්‍රිස්තියානි ගොවීන් අතරයි.
9 - ඉරානයේ විරෝධතාවලට සහභාගී වූ 3000කට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා.
19 - සිම්බාබ්වේ දේශයේ විපක්ෂ නායක රෝයි බෙනට් හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියා.
27 - ප්රංසය ගංවතුර අවදානමකට ලක් වූවා.
31 - උතුරු කොරියාව පසුගිය පෙබරවාරි මස සිට මේ දක්වා දිගු දුර මිසයිල රාශියක්ම අත්හදා බැලූ බව ප්‍රකාශයට පත් කළා.
පෙබරවාරි
1 කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ වැඩිමහල් පුත් ෆිදෙල් කැස්ත්‍රෝ ඩයස් - බලාම් මානසික අවපීඩනය හේතුවෙන් සිය දිවි නසා ගත්තා.
4 - පනවා ඇති සම්බාධක මායිම් නොකරමින් උතුරු කොරියාව ගල් අඟුරු සහ තවත් අපනයන භෝග අපනයනය කළ බව සීඑන්එන් වාර්තා කර සිටියා.
7 - හඳුනා නොගත් උණ රෝගයක් නිසා හොංකොං හි පාසල් වසා දැමුණා.
9 - එම වර්ගයේ පෘථිවියේ අවසන් ජීවියා ලෙස හඳුනාගෙන තිබූ බොලීවියානු ගෙම්බාට සහකාරියක සොයාගැනීමට බොලීවියානු විද්‍යාඥයන්ට හැකියාව ලැබුණා.
12 - මඟීන් 6ක් සමග ගමන් ගනිමින් තිබූ හෙලිකොප්ටරයක් අමෙරිකාවේ ග්‍රෑන්ඩ් කැනියමට කඩා වැටී තිදෙනකු ජීවිතක්ෂයට පත් වූවා.
14 - ඩෙන්මාර්කයේ හෙන්රි කුමරා අවුරුදු 83ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත් වුණා.
16 - දකුණු අප්‍රිකාවේ නව ජනාධිපති ලෙස සිරිල් රැම්පෝසා වැඩ බාර ගත්තා.
27 - තම සමාගම ලබන වසරේ දී හඳ මත ප්‍රථම ජංගම දුරකථන සම්බන්ධතාව ස්ථාපිත කරන බව නොකියා සමාගම පවසා සිටියා.
මාර්තු
6 රුසියානු යුද ගුවන් යානයක් සිරියාවේ දී කඩා වැටුණා.
6 , 24, 26 පැපුවා නිව්ගිනියාවට භූමිකම්පා කිහිපයකටම මුහුණ දීමට සිදු වූවා.
11 රුසියාව ඉතා සාර්ථක ලෙස හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බැලුවා.
11 දැනට ජනාධිපතිධූරය දරන ක්ෂී ජින්ග්පින්ග්ට ජීවිතාන්තය දක්වා ජනාධිපති ධූරය දැරිය හැකි වන ලෙස චීනය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා.
13 ලෝක ප්‍රකට විද්‍යාඥ ස්ටෙෆාන් හෝකින්ස් මිය ගියා.
14 පින්ලන්තය ලෝකයේ සතුටෙන්ම ජීවත්වන ජනතාව වෙසෙන රට බව සමීක්ෂණයකින් තහවුරු වූවා.
14 දිය යට ගිනි කන්දක් පුපුරා යෑමෙන් කැරිබියන් සාගර කලාපයේ ගමන් ගන්නා නෞකාවලට අනතුරු අඟවනු ලැබුවා.
19 ව්ලැඩිමීර් පූටින් යළිත් රුසියානු ජනාධිපති ලෙස තේරී පත් වූවා.
අප්‍රේල්
3 - ජර්මනියේ දුම්රිය දෙකක් එකට ගැටීමෙන් පුද්ගලයන් 20කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.
4 - ඊජිප්තුව වසර කිහිපයක ප්‍රමාදයකින් පසු එරට ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූවා.
4 - සියරාලියොන්හි මැතිවරණයෙන් විපක්ෂය ජය ලබා ජූලියස් බායෝ ජනාධිපතිධූරයට පත් වූවා.
4 - ඔස්ට්‍රියාව තම රට තුළ කාන්තාවන් හිස් වසා සිටීම තහනම් කළා.
4 - නාසා ආයතනය මගින් මන්දාකිනියේ නවතම කළු කුහර 12ක් සොයා ගනු ලැබුවා.
4 - ෆේස් බුක් ආයතනය තවත් ආයතනයකට තම සමාජ ජාලයට සම්බන්ධ පුද්ගලයන් රැසකගේ තොරතුරු සොරාගැනීමට සහාය දුන් බවට චෝදනා එල්ල වූවා.
5 - බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා අල්ලස් චෝදනා මත වසර 12කට සිරගත කරනු ලැබුවා.
12- තම රට තුළ කොලරා වසංගතයක් පැතිර යන බව එරට රජය ප්‍රකාශයට පත් කළා.
12 - සුළි කුණාටුවක් හේතුවෙන් ඉන්දියාවේ ටජ් මහලට සුළු හානි සිදු වූවා.
19 - කියුබාවේ නව ජනාධිපති ලෙස මිගුවෙල් ඩයස් කැනෙල් වැඩ බාර ගත්තා.
23 - පෙට්රොරිකෝ හි විදුලිබලය විඳ වැටීමෙන් පුද්ගලයන් 870 000කට අඳුරේ පසුවීමට සිදුවූවා.
මැයි
3 - මුහුදු මංකොල්ලකරුවන් සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් සුරිනාම් හි ධීවරයන් 12 දෙනෙක් අතුරුදන් වූවා.
3 - වෛරසයක් හේතුවෙන් ට්වීටර් භාවිත කරන්නන්ට තම මුරපද වෙනස් කරන ලෙස නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
4 - ජේඩ් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් කිහිප
දෙනෙක් අනතුරට පත් වූවා.
8 - ඉරානය සමග පැවති න්‍යෂ්ටික ගිවිසුමෙන් තමන්
ඉවත් වන බව අමෙරිකා ජනාධිපතිවරයා පවසා සිටියා.
8 - තම රටේ එබෝලා වෛසරය පැතිරෙමින්
තිබෙන බව කොංගෝ දේශය ප්‍රකාශයට පත් කළා.
18 - බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන්
මර්කල්ගේ විවාහය සිදු වූවා.
25 - නාසා ආයතනය අඟහරු මතට යානයක්
ගොඩ බැස්වීමේ ක්‍රියාන්විතය ආරම්භ කළා.
31 - ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ ස්ථානවල
කාන්තාවන් හිස් වසාගෙන සිටීම තහනම් බව ප්‍රකාශ කළා.
ජූනි
2 - දීර්ඝ කාලයක් තිස්සේ රට පුරා පවතින නොයෙක් ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ සමස්ත ළමයින් සංඛ්‍යාවෙන් හරි අඩක්ම පාසල් නොයන බව සමීක්ෂණයකින් තහවුරු වූවා.
4 - පියයුරු පිළිකා සඳහා නව එන්නතක් සොයාගත් බව අමෙරිකාවේ විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කර සිටියා.
5 - අමෙරිකාවේ රූ රැජින තරගවලදී නාන ඇඳුමින් සැරසුණු තරුණියන් මින් ඉදිරියට ඉදිරිපත් නොකරන බව ප්‍රකාශ වූවා.
12 - අමෙරිකා ජනාධිපති සහ උතුරු කොරියානු ජනාධිපති අතර හමුවක් සිංගප්පූරුවේදී සිදු වූ බව වාර්තා වූවා.
13 - තම පක්ෂයේ නායකයා සමග ඇති කරගත් ගැටුමක් හේතුවෙන් ජෝර්ජියාවේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වූවා. ඒ සමග කැබිනට් මණ්ඩලයද ඉල්ලා අස් වූවා.
15 - ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී නායක මුල්ලා ෆසල්ලාහ් මිය ගිය බව තහවුරු වූවා.
20 - සංචාරකයන් 200කට අධික පිරිසක් රැගත් යාත්‍රාවක් ඉන්දුනීසියාව අසල මුහුදේ ගිලී ගියා.
ජූලි
3 - 10 පාපන්දු කණ්ඩායමක දරුවන් 12 දෙනෙක් ගුහාවක සිර වීමෙන් ඔවුන් මුදාගැනීමේ කටයුතු දින කිහිපය පුරා ක්‍රියාත්මක වූ අතර අවසානයේ ඔවුන් සියලු දෙනාම සාර්ථකව මුදාගනු ලැබුවා.
3 උණුසුම් වායු ධාරා හමා යෑම හේතුවෙන් අමෙරිකාවේ මිලියන 80ක ජනතාව පීඩාවට පත් වූවා. කැනඩාවට සහ ජපානයට ද මෙහි බලපෑම දැනුණා.
13 පාකිස්තානයේ මැතිවරණ ප්රචාරක රැලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 128 දෙනෙක් මිය ගියා.
15 පෞද්ගලික දේපළ නීතිගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වූ බව ප්‍රකාශ වූවා.
15 ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව එරට ජනතාව දිගින් දිගටම උද්ඝෝෂණවල නිරත වීම හේතුවෙන් හයිටි දේශයේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වූවා.
අගෝස්තු
2 - ඇපල් සමාගම තම වත්කම් ඩොලර් ට්‍රිලියනය ඉක්මවා ගිය බව තහවුරු කර සිටියා.
12 - නාසා ආයතනය සූර්යා ආසන්නයට චන්ද්‍රිකාවක් යැවීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා.
23 - තමා ඉල්ලා අස් වන බව ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසා සිටියා.
24 - අධිකරණය මගින් ජනාධිපති මනාගුවාගේ ජයග්‍රහණය තහවුරු කරනු ලැබුවා. මැතිවරණය ජූලි 30 වැනි දා පැවැත්වුණු අතර ජයග්‍රහණය තහවුරු කරගැනීම වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතීමට අපේක්ෂකයන්ට සිදු වුණා.
28 - ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වෙනිසියුවේලාවේ ජනතාව දේශසීමාව ඔස්සේ තම රටට පැමිණෙන බැවින් දින 60 හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට පිරූ ජනාධිපතිවරයා කටයුතු කළා.
සැප්තැම්බර්
3 - බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනිගැනීමෙන් සිය ගණනක් කලා කෘති විනාශයට පත් වූවා.
5 - ඉන්දියාවේ අධිකරණය සමලිංගික විවාහ නීතියෙන් තහනම් නොවන බව ප්‍රකාශයට පත් කළා.
12 - සංක්‍රාන්ති ලිංගිකයන්ට නීතිමය ප්‍රතිපාදන ලබා දිය යුතු බවට එරට ව්‍යවස්ථාදායකය තීරණය කළා.
20 - මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් දූෂණ සහ වංචා චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබුවා.
22 - අධික ලෙස මඟීන් පටවාගත් ටැන්සානියානු බෝට්ටුවක් වික්ටෝරියා විලේ ගිලී යෑමෙන් 218 දෙනකු මිය ගියා.
22 - හමුදා ආචාර පෙළපාළියකට ප්‍රහාරයක් එල්ල වීමෙන් 24ක් මියගියා.
28 - ඉන්දුනීසියාව ආසන්න මුහුදේ රික්ටර් මාපක 7.5ක භූමිකම්පාවක් සිදු වීමෙන් විශාල සුනාමි රළ ඇති වී 1200කට අධික පිරිසක් මිය ගියා.
ඔක්තෝබර්
5 - ගං වතුර හේතුවෙන් ඉතාලියේ මරණ 29ක් වාර්තා වූවා.
7 - මධ්‍යධරණී මුහුදේ නැව් දෙකක් ගැටීමෙන් මුහුදු ජලයට ඉන්ධන කාන්දු වූවා.
15 - අතුරුදන් වූ සවුදි මාධ්‍යවේදී ජමාල් කශෝගි මරා දමා ඇති බව තුර්කිය විසින් තහවුරු කරනු ලැබුවා.
15 - පෙන්ටගනය ප්‍රථම වරට අභ්‍යන්තර විගණන වාර්තා නිවැරැදිව ලබා දීමට අපොහොසත් වූවා. වාර්තා නිවැරැදි කිරීමට වසර කිහිපයක ගොනු පරීක්ෂා කිරීමට සිදු වනු ඇති බවත් ප්‍රකාශ වූවා.
25 - තම රටේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමි වූ බවට ඉතියෝපියාව වාර්තා කර සිටියා.
නොවැම්බර්
11 - ස්ට්‍රෝබරි ගෙඩි තුළට ඉඳිකටු ඇතුළු කර වෙළෙඳපොළට නිකුත් කළ කාන්තාවක් ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
13 - ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය ඉතාම අධික බව ප්‍රකාශ වූවා.
18 - 2012 වසරේ දී සොරාගන්නා ලද පිකාසෝගේ චිත්‍රයක් රොමේනියාවෙන් සොයාගත්තා.
29 - කොංගෝ දේශය ඉතිහාසයේ දෙවැනි විශාලතම එබෝලා මරණ සංඛ්‍යාව වාර්තා කළා.
දෙසැම්බර්
1 - ඉන්ධන බදු ඉහළ දැමීම සම්බන්ධව රජයට එරෙහිව ප්‍රබල ජනතා විරෝධතා එල්ල වූවා.
1 - අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් මිය ගියා.
5 - ජපානයේ ස්ථාපිත කර ඇති අමෙරිකානු හමුදාවන්ට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් පුහුණු වීම අතරතුර අනතුරට ලක් වූවා.
8 - අමෙරිකාවේ දකුණු ප්‍රදේශයට ඉතා දැඩි සීතල කාලගුණයකට මුහුණ දීමට සිදු වූවා.
10 - නාසා ආයතනයේ වොයේජර් 2 යානාව සූර්යාගේ රහස් සොයා ගමන් ආරම්භ කළා.
22 - ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑමෙන් එරටට යළිත් වරක් සුනාමි රළ පහරකට මුහුණ දීමට සිදු වූවා. 200කට අධික පිරිසක් මිය ගියා.